BREAKING NEWSEXCLUSIVEPOLITICS
“මට ජීවිතය දුන් ලංකාවට ස්තුතියි” කොරෝනා සුව වූ චීන කත හැඬු කඳුලින් කිව්ව කතාව

කොරෝනා වෛරසය ආසාදිත වීමෙන් කොළඹ ජාතික උණ රෝහලේ ප්රතිකාර ලැබූ චීන ජාතික කාන්තාව අද පෙරවරු එම රෝහලෙන් පිටත්ව ගියාය.
අදාළ කාන්තාව සම්පූර්ණයෙන්ම සුවය ලැබූ බවට අවසන් සායනික වාර්තා වලින්ද තහවුරු වූ පසු ඇය රෝහලින් පිටත්කර යැවූ බව රෝහල් අධ්යක්ෂවරයා සඳහන් කරයි.
පසුගිය ජනවාරි මස 25 වනදා සිට ඇය රෝහල්ගත වූ අතර එතැන් සිට අද දක්වාම අඛණ්ඩව ප්රතිකාර හා පරීක්ෂණයට ලක් කරනු ලැබීය.
ඇය රෝහලෙන් පිටත්ව කටුනායක ගුවන්තොටුපල බලා ගිය අතර අද දිනයේම සිය රට වන චීනය බලා පිටත්ව යන බව සඳහන් කළාය.
තමනට ජීවිතය දුන් හා ඉතා හොඳින් රැකබලා ගත් ශ්රී ලංකා ජනරජයට රෝහල් කාර්ය මණ්ඩලයට ස්තුති කළ ඇය ඉතා හැඟුම්බර ලෙස සියළු දෙනාටම සමු දුන්නාය.