BREAKING NEWSEXCLUSIVEPOLITICS

ශ්‍රීලනිප පොහොට්ටුව හැරයයි. සියළු මැතිවරණ අත ලකුණින් තනිවම

ඉදිරියේදී තරග වදින සියලු මැතිවරණ පක්ෂයේ ආරම්භක සලකුණ වූ ‘අත’ ලකුණ යටතේ තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම තීන්දුව ගෙන ඇති බව පැවසෙනවා.

ඒ පිළිඹදව අදහස් දැක්වූ ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙන්නේ ඉදිරි පළාත් සභා මැතිවරණයද ශ්‍රීලනිපය තනිව තරග වදින බවත්, දැනටමත් ඒ සදහා ඉල්ලුම්පත් 3000කට අධික ප්‍රමාණයක් පක්ෂය වෙත ඉදිරිපත්ව ඇති බවයි.

ඒ අතරම මින් ඉදිරියට වෙනත් දේශපාලන පක්ෂයක් යටතේ සන්ධානගත නොවීමටත්, අත ලකුණ යටතේ පමණක් දේශපාලන සන්ධාන ගොඩනැගීමටත් ශ්‍රීලනිපය තීන්දු කර ඇති බවද වාර්තා වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button