BREAKING NEWSEXCLUSIVEPOLITICS

ශ්‍රීලනිප දැඩි දේශපාලන තීන්දුවක් අභියස, විකල්ප ආණ්ඩුවක් ගැන ඉඟි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානත්වයෙන් දේශපාලන සන්ධානයක් පිහිටුවීම සඳහා පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා.

ඒ අනුව ශ්‍රීලනිපයේ නායකත්වයෙන් පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානය යළි සක්‍රිය කිරීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

“අපි තීරණය කරනු ලැබුවා පක්ෂයේ ඉදිරි ගමන් මාර්ගය මොන වගේද, විකල්ප ආණ්ඩුවක් සඳහා පක්ෂය ගොඩනගන්නේ කොහොමද, ඒ් සඳහා සංවිධානක කටයුතු කරන්නේ කොහොමද කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් පසුගිය රජයන් යටතේ රජයන් බිහි කිරීමට පදනම් වු සන්ධාන තිබුණා. අපි  නැවතත්  පොදුජන  එක්සත් පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය සක්‍රීය කිරීමට ලංකාවේ සියලුම වාමවාදී දේශප්‍රේමි ජාතිකවාදි පක්ෂ සහ පාර්ලිමේන්තුවෙන් පිටත සිටින පක්ෂත් එකතුකරගෙන එම සන්ධානය ගොඩනැගීම සඳහා වු තීරණයක් මධ්‍යම කාරක සභාවෙන් ගනු ලැබුවා. ඒ් අනුව ඉදිරියේ දී එම කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා”

රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (31) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button