BREAKING NEWS

“එක්කෙනෙකුට ගාන පන්දාහයිලූ!” – සති ගණන් හෝටල් කාමරවල නතර කර සිය දියණියන් දෙදෙනාගේ ඇඟ විකුණමින් මවක් කළ පාපකර්මය!

තම දියණියන් දෙදෙනා ගණිකා සේවය සඳහා මුදලට විකිණූ­ මවක් හා එම දියණියන් දෙදෙනා අද (03) දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නාවලපිටිය වැඩ බලන මහෙස්ත්‍රාත් අමිල මහතා නියෝග කර තිබෙනවා.
 
කූට්ටනය හෙවත් මුදලට කාන්තාවන් විකිණීම යන චෝදනා යටතේ නාවලපිටිය පොලිසිය මොවුන්ට චෝදනා ගොනු කර ඇති අතර නාවලපිටිය – ‍දොළොස්බාගේ මාර්ගයේ නිවෙසක මෙම ගණිකා ජාවාරම සිදුවන බවට ලද තොරතුරකට අධිකරණය මඟින් සෝදිසි වරෙන්තු රැගෙන උපාය දූතයන් යොදවා මෙම ගණිකා ජාවාරම සිදුකළ මව හා එම දියණියන් දෙදෙනා මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

උපාය දූතයන් විසින් මෙම කාන්තාවන් පිළිබඳ විමසීමේදී මව ගනුදෙනු කතා කරමින් එක් අයකුට රුපියල් පන්දහසක මුදලක් අවශ්‍ය බව දන්වා ඇති නමුත් මෙම උපාය දූතයන් එක් කාන්තාවක් රුපියල් දහසක මුදලකට පොරොන්දු කරවාගෙන ඇති අතර මව විසින් එම නිවෙසේ කාමර 2ක් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
 
පනස් දෙහැවිරිදි මෙම මව බොහෝ කාලයක සිට මෙම දියණියන් දෙදෙනා ජාවාරම් කර ඇති අතර 21 හැවිරිදි වියේ පසුවන එක් දියණියකට පියෙක් නොමැති අවුරුදු 4ක දරුවකුද සිටින බවත් 27 හැවිරිදි අවිවාහක අනෙක් දියණිය පස් මස් ගැබිනියක් බවත් පරීක්‍ෂණ කණ්ඩායම අනාවරණය කර ගෙන තිබෙනවා.
 
මව විසින් 27 හැවිරිදි මෙම දියණිය පසුගිය කාලයේ පුත්තලම හෝටලයක ගණිකා සේවය සඳහා විකුණා සිටි බවද ඇගේ කටඋත්තර අනුව හෙළිවී ඇති අතර මෙම මවට සිටින අනෙක් බලවයස්කාර ගැහැනු ළමුන් දෙදෙනා වේරගල ළමා නිවාසය වෙත යොමු කරන ලෙසත් වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබෙනවා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button