BREAKING NEWSEXCLUSIVE

රුපියල් දෙදහසේ දීමනාව ලබාදීම දිවයින පුරා ක්‍රියාත්මකයි..

කොරෝනා ව්‍යාප්තියත් සමග ජීවනෝපාය අහිමි වුණ ජනතාව සදහා රුපියල් දෙදහසක දීමනාවක් ලබාදීමේ රජයේ වැඩපිලිවෙල දැන් දිවයින පුරාම ක්‍රියාත්මක වනවා.

කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස‍යේ සාලමුල්ල  ලක්සද සෙවන නිවාස සංකීර්ණයේදී ද රුපියල් දෙදහසේ දීමනාව ලබාදීම සිදු වූ අතර සමෘද්ධි නිළධාරින්,  ආර්ථික සංවර්ධන හා ග්‍රාමනිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම කටයුතු සිදු කර තිබෙනවා.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජීවනෝපාය අහිමි වූ අඩු ආදායම්ලාභී පවුල් 40,000 ක් හදුනාගෙන එම පවුල් සදහා සහනාධාරය ලබාදීම ආරම්භ කෙරුණේ  දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් ඒ. ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

රත්මලාන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ආදායම් මාර්ග අහිමි වූ පවුල් සදහා රුපියල් දෙදහසේ දීමනාව ලබාදීම කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 15,918 ක් මේ සදහා සුදුසුකම් ලබා සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button