BREAKING NEWSEXCLUSIVE

5000 දීමනාව 2000 වීමට හේතුව..

අඛණ්ඩව ජනතාවට මූල්‍ය සහනාධාර ලබාදීම සම්බන්ධයෙන් රජයට ඉතා දැඩි ගැටලුවක් පවතින බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

අද (31) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි අමාත්‍යවරයා මේ බව සදහන් කලේ.

මීට පෙර අවස්ථා 3කදී රුපියල් බිලියන 80කට අධික මුදලක් වියදම් කරමින් රජය රුපියල් 5,000 දීමනාව ලබාදීමට කටයුතු කලබවත් ඔහු එහිදි සඳහන් කර සිටියා.

මේ පිලිබද වැඩිදුරත් විස්තර කල අමාත්‍යවරයා,

රජයට අඛණ්ඩව ජනතාවට මූල්‍ය සහනාධාර ලබාදීම සම්බන්ධයෙන් ප්‍රබල ගැටලුවක් තියෙනවා. මීට පෙර අවස්ථා 3කදී රුපියල්බිලියන 80කට අධික මුදලක් වියදම් කරමින් රුපියල් 5,000 දීමනාව ලබාදුන්නා. මේ අවස්ථාවේදී ඉතාම අපහසුතාවයකටපත්වෙලා තිබෙන කෙසේවත් තමුන්ගේ දෛනික ජීවිතය පවත්වා ගත නොහැකි පිරිසකට සහනයක් හැටියට තමයි ලබාදීලාතියෙන්නේ. ඒක ප්‍රමාණවත් නොවෙන්නත් පුළුවන්. අපි ඒක පිළිගන්නවා. අපිට අවශ්‍ය රෝගය ඉක්මණින් පාලනය කරගෙන ආර්ථිකතත්ත්වය යථාතත්ත්වයට පත්කර ගන්න.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button