BREAKING NEWSEXCLUSIVE

නිරෝදායන ඇදිරිනීතිය දැඩිව ක්‍රියාත්මකයි, නීති කැඩුවොත් දඩුවම්..

දිවයින පුරා මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. එය කඩකරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක බවයි පොලීසිය අවධාරණය කරන්නේ.

කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ ඊයේ රාත්‍රී 10 සිට ලබන 30 වනදා අලුයම 4 දක්වා දිවයිනටම බල පැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට පියවර ගැණුනා. නිරෝධායන නීති පිළිපදිමින් වාසස්ථාන තුළම රැඳී සිටින ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

නිරෝධායන ඇදිරිනීතිය බලපැවැත්වෙන කාල සීමාවේදී ඉදිකිරීම් කර්මාන්ත,  අපනයන කර්මාන්ත, ගුවන් තොටුපොල සහ  ගුවන් යානා මෙහෙයුම් ද අඛණ්ඩව පවත්වා ගෙන යාමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ පොලිස් මාර්ග බාධක හා මුර සංචාර තර කර තිබෙනවා. අත්‍යාවශ්‍ය සේවාවන්වලට අයත් පුද්ගලයින්ට මෙන්ම ඇගලුම් කර්මාන්තශාලාවල රැකියාවන්හි නිරත අයට ද කෘෂිකාර්මික කටයුතුවල නිරතවන්නන්ට ද ඒ සදහා අවසරය හිමි වනවා.

ඖෂධ ශාලා විවෘතව තැබීම සදහා ද අවසර දී තිබෙනවා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button