BREAKING NEWSEXCLUSIVEPOLITICS

මහජන ගැලරිය හෙට සිට යළි විවෘත වෙයි..!

හෙට දිනයේ සිට මහජනතාවට පාර්ලිමේන්තු රැස්වීම් නැරඹීමේ මහජන ගැලරිය යළි විවෘත බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සහ ආරක්ෂක හේතු මත වසර දෙකක් පමණ පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය වසා තිබිණි.

පාර්ලිමේන්තුව නැරඹීම සම්බන්ධයෙන් පනවා තිබූ සීමා ලිහිල් කිරීමේ අවශ්‍යතාවය වේත්‍රධාරීවරයා විසින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව වෙත දැනුම් දී තිබූ අතර එම කාරක සභාවේ එකඟතාවය මත යළිත් මහජනතාවට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව හිමිවනවා.

පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල පෙරවරු 9.30 සිට පස්වරු 3.00 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණය නැරඹීමට සාමාන්‍ය ජනතාවට අවස්ථාව හිමි වුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button