BREAKING NEWSEXCLUSIVEPOLITICS

වෛරස ගැන හොදින් දන්නා මහාචාර්යවරයා ආණ්ඩුවෙ පසු පෙලේ – මන්ත්‍රීවරයෙකුගෙන් දොස් මුරයක්..

වෛරස වේදය පිළිබඳව මනා දැනුමක් ඇති පුද්ගලයා ආණ්ඩුවේ නිකම්ම නිකම් මන්ත්‍රී බව පොදු ජන පෙරමුණ මැදපෙළ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කරනවා.ඒ  මන්ත්‍රීවරයා මහාචාර්ය තිස්ස විතාරණ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කොවිඩ් – 19 වෛරස තත්ත්වය මේ වන විට දරුණු අතට හැරී ඇති පසුබිමක ආණ්ඩුව තුලම සිටින වෛරසය පිළිබඳ විෂය අවබෝධය ඇති මෙවන් උගතුන්ගෙන් ආණ්ඩුව ප්‍රයෝජනයක් නොගැනීම අවාසනාවකට වඩා බරපතළ ඛේදවාචකයක් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශවයේ 4 වැනි පේළිය නියෝජනය කරන හිටපු අමාත්‍යවරයකුද වන මෙම මන්ත්‍රීවරයා නම හෙළි නොකිරීමේ එකඟතාවය මත මේ බැව් හෙළිදරව් කළේ අදාළ මන්ත්‍රීවරයාට තිබෙන සුදුසුකම්ද පෙන්වා දෙමින්,

1971 ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් වෛරස භේදය පිළිබඳ ආචාර්ය උපාධියත් , 1983 – 1994 කාල වකවානුවේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ලෙසත් , 1972 – 1994 කාල වකවානුවේ වූ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරසවේද අංශ ප්‍රධානියා ලෙසත් , 1980දී ස්කොට්ලන්තයේ එඩින්බරෝ රෝහලේ වෛරස පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරයෙකු ලෙසත් , 1991 – 1993 ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ආසාදන සහ ආසාත්මික පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙසත් , 1995 – 2000 කාල වකවානුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙසත් මහාචාර්ය තිස්ස විතාරණට විෂය අවබෝධය මෙන්ම අත්දැකීම් තිබෙන බව පෙන්වා දෙනවා.

වෛරස විෂය පිළිබඳ මේ සා අත්දැකීමක් ඇති මහාචාර්ය තිස්ස විතාරණ නිකම්ම මන්ත්‍රී වෙද්දී විෂය පිළිබඳ කිසිදු අවබෝධයක් නැති නීතිඥවරියකට සෞඛ්‍ය අංශය භාර දී තිබෙන බවද එම මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

තොරතුරු දුන් මන්ත්‍රීත්  කලකිරීමෙන් ඒෂියන් මිරර් වෙත මෙම තොරතුරු හෙළිදරව් කළ මෙම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයාද තමන්ගේ දැනුමෙන් ආණ්ඩුව වැඩක් නොගැනීම ගැන සිටින්නේ බරපතළ කලකිරීමකින් බව සදහන් කර තිබෙනවා.

මහාචාර්ය තිස්ස විතාරණද තමා දන්නා විෂයෙන් ආණ්ඩුව ප්‍රයෝජනයක් නොගන්නා බවත් තමාව කොවිඩ් මර්දන සම්බන්ධයෙන් වූ කිසිම සාකච්ඡාවකට කැඳවා නැති බවද මීට පෙර ප්‍රසිද්ධියේම කිහිප වතාවක්ම ප්‍රකාශ කොට තිබුණා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button