BREAKING NEWSEXCLUSIVEPOLITICS

පානීය ජල බෝතල්වල මිලත් ඉහලට..!

පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් නිකුත් කර තිබුණු ගැසට් නිවේදනය රජය විසින් අවලංගු කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජල බෝතල් සංගමය නව මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 35ක් ව පැවති මිලිලීටර් 500 පානීය ජල බෝතලයක මිල රුපියල් 50 දක්වා ඉහළ නංවා තිබේ.

රුපියල් 50ක් ව පැවති ලීටර් 1 පානීය ජල බෝතලයක මිල රුපියල් 20කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 70 කි. ලීටර් 1.5 ජල බෝතලයක මිල මීට පෙර රුපියල් 75ක් වූ අතර එහි නව මිල රුපියල් 90ක් වේ. එසේම ලීටර් 5 ජල බෝතලයක මිල රුපියල් 200 දක්වාත් ලීටර් 7.5 ජල බෝතලයක මිල රුපියල් 240ක් දක්වාත් ඉහළ නංවා ඇති බවයි ශ්‍රී ලංකා ජල බෝතල් සංගමයේ සභාපති උපුල් සෙනරත් මහතා සඳහන් කළේ.

පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් නිකුත් කර තිබුණු ගැසට් නිවේදනය රජය විසින් අවලංගු කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජල බෝතල් සංගමය නව මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව රුපියල් 35ක් ව පැවති මිලිලීටර් 500 පානීය ජල බෝතලයක මිල රුපියල් 50 දක්වා ඉහළ නංවා තිබේ.

රුපියල් 50ක් ව පැවති ලීටර් 1 පානීය ජල බෝතලයක මිල රුපියල් 20කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 70 කි.

ලීටර් 1.5 ජල බෝතලයක මිල මීට පෙර රුපියල් 75ක් වූ අතර එහි නව මිල රුපියල් 90ක් වේ.

එසේම ලීටර් 5 ජල බෝතලයක මිල රුපියල් 200 දක්වාත් ලීටර් 7.5 ජල බෝතලයක මිල රුපියල් 240ක් දක්වාත් ඉහළ නංවා ඇති බවයි ශ්‍රී ලංකා ජල බෝතල් සංගමයේ සභාපති උපුල් සෙනරත් මහතා සඳහන් කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button