BREAKING NEWSEXCLUSIVE

පාන් මිල රුපියල් 83ක් සහ මාළු පාන් 120ක් දක්වා ඉහල යා හැකියි. – බේකරි හිමියන්

පසුගියදා සෙරන්ඩිබ් සමාගම විසින් කිලෝ 50ක තිරිඟු පිටි මිටියක මිල රුපියල් 18කින් ඉහළ දමා තිබීම සැලකිල්ලට ගනිමින් ලබන සතියේදී පාන් ගෙඩියක මිල රුපියල් දහයකින් වැඩි කිරීමට සිදුවන බවට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අනතුරු අඟවනු ලැබුවා.

මෙහිදී පාන් ගෙඩියක් රුපියල් හැටත්, හැට පහත් අතර මිලකට මේ වනවිට අලෙවි වන බවත්, ඉදිරි සතියේදී එම මිල රුපියල් දහයකින් වැඩි කිරීමට සිදුවුවහොත් පාන් ගෙඩියක මිල රුපියල් හැත්තෑ අටක්, අසූ තුනක් දක්වා ඉහළ දැමීම වැළැක්වීමට හැකියාවක් නොමැති බවත් එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කලා.

මෙහිදී සිදුකල විමසීමකදී සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතාගෙන් ප්‍රකාශ කර සිටින්නේ,

සමාගම් දෙකක් මේ සඳහා මැදිහත්වී ඇති අතර එක සමාගමක් රුපියල් 18කින් පිටි මිල වැඩිකිරීමට සුදානම් වී ඇති බවයි. ඒ අනුව රජය වහා ඉක්මනින් මැදිහත්වී කටයුතු කළ යුතු බවද එන්.කේ. ජයවර්ධන මහතා පවසනවා.

බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස මිල ඉහළ දැමීමට මැදිහත් විය හැක්කේ කෙසේද යන්න විමසු විට ඔහු කියා සිටියේ දැනටමත් බොහෝ අසීරුතා මැද මෙය පවත්වා ගෙන යන බවයි. මිල පාලනයක් නැති බවත්,බේකරි හිමියන්ට මිල පාලනයක් කළ නොහැකි බවත් ඔහු එහිදී සඳහන් කර සිටිනවා.

එමෙන්ම මාලු පාන් ගෙඩියක් රුපියල් 30ක් රු 50ක් රු 100 ක් 120ක් වැනි මිල ගණන්වලට අලෙවි වන බවත් ගුණාත්මකබාවය සහ ප්‍රමිතිය ගැනත් සිතිය යුතු බවත් වැඩිදුරටත් එන්.කේ. ජයවර්ධන මහතා පවසා සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button