BREAKING NEWSEXCLUSIVE

ජනතාවට පොරොන්දු වූ වැඩපිළිවෙළ ඉදිරි වසර තුන ඇතුළතදී අවසන් කරන බව ජනාධිපති කියයි

වසර පහකින් ඉටුකරන බවට ජනතාවට පොරොන්දු වූ වැඩපිළිවෙළ ඉදිරි වසර තුන ඇතුළතදී අවසන් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියා.

ඊයේ (27 වැනිදා) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී පුවත්පත් කතුවරුන් හමුවූ අවස්ථාවේදීයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

තමන් ජනාධිපති ධුරයට පත්වී මාසයක් ගතවනවිට කොරෝනා වසංගතය පැමිණීම නිසා ජනතාවට පොරොන්දු වූ සියලු දේ ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට නොහැකි වූ බවත් තමන් ජනාධිපති ධුරයට පත්වූයේ රටේ පැවැති ආර්ථිකය පිළිබඳ මනා අවබෝධයකින් යුතුව බවත් කොරෝනා හමුවේ සමස්ත ලෝකය අපේක්ෂා නොකළ තත්ත්වයක් වුවත් දියුණු රටවලට ඊට මුහුණදීමට හැකිවූයේ ඔවුන්ගේ ආර්ථික ශක්තිය නිසා බවත් ජනාධිපතිවරයා කියා සිටියා.

“දැන් ඇත්තේ තමන් හා තවත් පිරිසක් අතර සටනක් නොව රට වෙනුවෙන් කරන සටනකි. කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී ආණ්ඩුවේම ඇතැමුන්ගේ පූර්ණ සහාය ඊට නොලැබීම කනගාටුවට කාරණයකි. විශේෂයෙන්ම කෘෂිකර්ම වැඩසටහන සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහාය ලැබුණේ නැත. කාබනික ගොවිතැන සඳහා ගොවියා මානසිකව සූදානම් කිරීමට නිලධාරීන් කටයුතු කළේ නැත.

ඇමැතිවරුන් පවා එකිනෙකාට චෝදනා කර ගන්නා තත්ත්වයක් මත ආණ්ඩුවේ වැඩපිළිවෙළ නියාමාකාරයෙන් ජනතාව අතරට යෑම අඩපණ වී තිබේ.

මේ සටන පොදු සටනක් ලෙස කල්පනා කළ යුතුයි. මට තවත් වසර තුනක කාලයක් ඇති අතර මැති ඇමැතිවරුන්ට වසර තුනහමාරක කාලයක් තිබේ. මෙම කාලය ඇතුළත ජනතා අපේක්ෂා ඉටු කිරීමට හැකියාව තිබේ’’ යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කලා..

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button