BREAKING NEWSEXCLUSIVEPOLITICS

මහ බැංකු අධිපති තනතුර ධුරය කියන්නේ පීඩනයක්

මහ බැංකු අධිපතිධුරය භාර ගැනීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනාවක් කළ බවත් එය එක සිතින් භාර ගත් බවත් අද දිනයේදී සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත් වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසී්‍ය.

එසේම මහ බැංකු අධිපතිධුරය යනු පීඩනයක් ඇති තනතුරක් බවත් ඔහු පැවැසීය.

“මහ බැංකු අධිපති තනතුර කියන්නේ පීඩනයක් තමයි. ඒක සාමාන්‍ය දෙයක් නෙමෙයි. ඒ පීඩනයත් එක්ක කටයුතු කරන්න මම බලාපොරෙත්තු වෙනවා.”

බොහෝ රටවල මහ බැංකු අධිපති ධුරය කැබිනට් මණ්ඩල සාමාජිකයෙකුට සමාන බලතල ලබා දී ඇති බවත් චීනයේ සිංගප්පූරුවේ එවැනි තත්ත්වයක් ඇති බවත් ඔහු පැවැසීය.

එවැනි තත්ත්වයක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උදාකර දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු පැවැසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button