BREAKING NEWSCRICKETEXCLUSIVEPOLITICSSPORTS

ක්‍රිකට් හදන සැලසුම සාදා අවසන්, අර්ජුන රණතුංග මහතාත් සම්බන්ධ කරගෙන ඉදිරියට යෑමට සූදානම්. – නාමල්

ක්‍රිකට් ක්‍රීඩාවේ උද්ගත්ව ඇති තත්වය සම්බන්ධයෙන්, නිසි සැකසුමක් තිබෙන බවත් , හිටපු නායකයින්ද සම්බන්ධ කර ගැනීමට සූදානම් බවත් ගරු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කලා.

පසුගියදා ගුවන්තොටුපළ පරිශ්‍රයේ තිබූ වැඩසටහනකින් පසුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් එතුමා නේ අදහස් සදහන් කලා.

” ඉදිරි කාලසීමාව තුළදී අර්ජුන රණතුංග මහතා ඇතුළු සියලුම නායකයන් සමගින් සාකච්ඡා කරලා ඔවුන්ගේ අදහස් ලබාගැනීමට මම සූදානමින් සිටිනවා. විශේෂයෙන්ම ක්‍රිකට් ග්‍රාමීය මට්ටමෙන් හා පාසල් මට්ටමින් දියුණු කරන්නේ කොහොමද කියලා ඔවුන්ගේ අවධානය ඒකට යොමු කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ක්‍රිකට් පාලක මණ්ඩලයත් , තේරීම් කාරක සභාවත් ජනාධිපතිවරයා සමගින් සාකච්ඡා කරලා ඉදිරි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අපට හොද සැලසුමක් තියෙනවා. එම සැලසුමට අනුව ඉදිරියේදී ජයග්‍රහණ වලට යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා” යනුවෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් සදහන් කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button