BREAKING NEWSEXCLUSIVEPOLITICS
කඩදාසි හිඟය නිසා ඉරිදා දිවයින ඇතුළු පුවත්පත් කිහිපයක් නවතී..!

පවතින අධික කඩදාසි හිඟය ප්‍රශ්න පත්‍ර මුදුණය පවා කළ නොහැකිවී ගොස් ඇති අතර පොත්පත් මුද්‍රණය කරන කර්මාන්ත හිමියන්ටද එය බලපා ඇති බව වාර්තා වනවා.
අද දින දිවයින පුවත්පත පළ කර ඇති වාර්තාවකින් පැවසෙන්නේ මුද්‍රණ කඩදාසි නොමැතිකම නිසා හෙට දිනයේ දිවයින පුවත්පත මුද්‍රණය නොවන බවය.
ඒ අනුව දිවයින සෙනසුරාදා පුවත්පත අන්තර්ජාල කලාපයක් ලෙස පමණක් පළ කරන බව දන්වා තිබේ.
රජයට අයත් ලේක් හවුස් ආයතනයේ සරසවිය පුවත්පත සතිපතා මුද්‍රණය නොකර මාසික කලාපයකට සීමා කිරීමටද කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය දන්වා ඇත්තේ ඉදිරියේදී තවත් පුවත්පත් නතරවී යාම දක්වා මෙම හිඟය අර්බුදයක් බවට පත්ව ඇති බවටයි.