BREAKING NEWSEXCLUSIVEPOLITICS

පහනට තෙල් නාටකය අවසන් වෙයි ග්‍රේෂන් විපක්ෂයටම

පහනට තෙල් ජාතික ව්‍යාපාරය නමින් ව්‍යාජ විකෘති සංවිධානයක් පවත්වාගෙන යමින් විපක්ශයේ දේශපාලඥයින් පිරිසක්එක්ව රටම ඇන්දවීමට තැත් කරමින් සිදුකල ක්‍රියාවන් පිළිබදව සමාජ ජාලා ඔස්සේ කතිකාවතක් නිර්මානය වීතිබුනා. පසුව ඔහුගේ හඩින්ම නිකුත් වූ මෙය තමා සහ විපක්ශයේ කිහිපදෙනෙකු එක්ව රජය අප්‍රසාදයට ලක් කිරීමට සිදුකරන කුමන්ත්‍ර්නයක් බවට නිකුත් වූ හඩපටයක් සහ වීඩියෝවක් මගින් මැනවින් තහවුරු වූ අතර, අද සදගා මූලික වූ ග්‍රේෂන් කෙරමිණියගේ නිළ වශයෙන් විපක්ෂය හා අත්වැල් බැදගත්තා.

සිය නගර සභාවේ පාලක පක්ෂයට සහයෝගය දීම නවතා ස්වාධීනව සිටිමින් විපක්ෂය සමග ඉදිරියේදී  බද්ධ වීමට තමා තීරණය කළ බව අම්බලන්ගොඩ නගර සභාවේ පාලක පොදු ජන පෙරමුණ නාගරික මන්ත්‍රී ග්‍රේෂන්කෙරමිණියගේ ඊයේ (25දා) රාත්‍රියේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පවසා සිටියා.

තමා මේ තීරණය ගත්තේ හොඳට සිතා බවත් කිසිවෙකුගේ බලපෑමකට හෝ මුදල්වලට යටවී නොවන  බවත් ඔහුපැවැසීය.

හිතට එකඟව අපේ පාලක පක්ෂයට සහයෝගය දීමට බෑ. මේ සඳහා කරුණු කාරණා ගණනාවක්ම තියෙනවා. මමමේ තීරණය ගත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එරෙහිව නම් නොවෙයි. මගේ පක්ෂය තාමත් පොදු ජනපෙරමුණයි. දැන් අපේ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හය දෙනයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේමන්ත්‍රීවරු තිදෙනයි ජනතා විමුක්ති පෙරමුණේ මන්තීවරු දෙදෙනයි පාලක පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරයෙකුයිඒකාබද්ධව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු දොළොස්දෙනෙකුගෙන් සමන්විතවූ ඒකාබද්ධ විපක්ෂයක් හදලා තියෙනවා.

දැන් මමත් එයට සහයෝගය දෙනවිට පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගෙන් සමන්විතවූ ඒකාබද්ධ විපක්ෂයටමන්ත්‍රීවරු දහතුන්දෙනෙකු ඉන්නවා. පාලක පක්ෂයට ඉන්නේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් අට දෙනෙකු පමණයි.මමමේ තීරණය ගත්තේ ඒකාබද්ධ විපක්ෂය ගෙන යන සාධාරණ සටන දිහා නිර්පාක්ෂිකව බලලයි.

මේ සටනට එකතුවෙන්න පාලක පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම ඉන්නවා. අපි විපක්ෂය හාඅත්වැල් බැදගෙන අපේ බලය පෙන්වනවා.” යැයි ඔහු කියා සිටියේය

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button