BREAKING NEWSEXCLUSIVEPOLITICS

අර්ථසාධක අරමුදලෙන් බදු අය කරන පුවත අසත්‍යක් – මුදල් ඇමති

සේවක අර්ථසාධක අරමුදලෙන් 14% ක බද්දක් අයකර ගැනීමට රජය සූදානම් වන බවට පැතිර යන පුවත සම්පූර්ණයෙන් අසත්‍යයක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා.

ජනතාව අපහසුතාවයට පත් නොකර කටයුතු කිරීම ආණ්ඩුවේ අරමුණ වී ඇති බවත්, ජනතාවගේ අවශ්‍යතාවලට මුල්තැන දෙමින් අනවශ්‍ය වියදම් කපාහරිමින්, නාස්තිය අවම කර ගනිමින් යහපත් මහජන සේවයක් සැපයීම ආණ්ඩුවේ අරමුණ බවද මුදල් අමාත්‍යවරයා දැඩිව අවධාරණය කර සිටියා.

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමෙන් පසුව මෙම බද්ද අයකිරීමේ තීරණය ගෙන ඇති බවටයි ඇතැම් මාධ්‍ය මගින් ප්‍රචාරය කොට තිබුණේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button