BREAKING NEWS

රසායනික පොහොර ගෙන්වීමට රජය අවසර දුන් පුවත බොරුවක්

රසායනික පොහොර ගෙන්වීම සඳහා රජය විසින් අවසර ලබා දී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටිනවා

එවැනි කිසිදු අවසරයක් රජය විසින් ලබා දී නොමැති අතර, ඉදිරියේ දී හෝ එවන් අවසරයක් ලබා නොදෙන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

හරිත සමාජ ආර්ථික රටාවක් ගොඩනැගීමේ අරමුණ ඇතිව රසායනික පොහොර සහ පළිබෝධ නාශක ආනයනය තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් වෙනස්කර ඇති බවට ඇතැම් වෙබ් අඩවිවල සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button