GOSSIP NEWSVIRAL NEWS
දරු දෙදෙනාගේත් ගෙල වැළලා, මවද ගෙල වැළලාගෙන සියදිවි හානිකර ගනී

සිය දරුවන් දෙදෙනාගේත් ගෙල වැළලා තමන් ද ගෙල වැළලාගෙන සිය දිවි හානිකරගත් මවක් පිළිබද පුවතක් කොස්ලන්ද, ගම්පහ ප්රදේශයෙන් වාර්තා වනවා.
ඊයේ (02) පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති අතර මෙහිදී එක් දරුවෙකුගේ ජීවිතය බේරාගැනීමට හැකිව තිබෙනවා.
සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්වූ දරුවා වයස අවුරුදු එක හමාරක ගැහැණු දරුවෙක් වන අතර ඇය වැල්ලවාය රෝහලට ඇතුලත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.
ජීවිතය බේරාගැනීමට හැකිව ඇත්තේ වයස අවුරුදු තුන හමාරක අනෙක් දරුවායි.
දරුවන්ගේ මව විසි හැවිරිදි වියේ පසු වන අතර ඇය මෙලෙස ජීවිතය හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කොස්ලන්ද පොලිසිය විසින් සිදුකරනු ලබනවා.