පාසල් සිසුවා සමඟ 60 වතාවක් ගල්කිස්සේ ලැගුම් හල් වෙත ගිය ගුරුවරියක් මාට්ටු..!

ගුරුවරියක් විසින් පාසල් සිසුවෙකු අපයෝජනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත්වරිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත දැනුම් දී තිබෙනවා.
වසර 4ක් තිස්සේ මෙලෙස පාසල් සිසුවෙකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත්තේ 34 හැවිරිදි වියේ පසුවන ගුරුවරියකටය.
කොළඹ ප්රධාන පෙළේ පාසලක සිසුවෙකු මෙලෙස අපයෝජනයට ලක්ව ඇති අතර එම සිසුවා මේ වනවිට 20 හැවිරිදි වියේ පසුවෙයි.
වාර්ෂික ක්රිකට් තරගයකදී එවකට 16 හැවිරිදි වියේ පසුවූ අදාළ සිසුවා සහ ගුරුවරිය දැන හඳුනාගෙන තිබේ.
පසුව ගුරුවරිය සහ පාසල් සිසුවා වට්ස්ඇප් මාර්ගයෙන් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත.
පසුව ගුරුවරිය විසින් පාසලේ පරිඝනක කාමරය තුළදී සිසුවා ලිංගික කටයුතු සඳහා පොළඹවාගනිමින් අපයෝජනයන් සිදුකර ඇත ඉබව අනාවරණය වී තිබේ.
අදාළ ගුරුවරිය සහ මෙම සිසුවා 60 වතාවක් පමණ ගල්කිස්ස ප්රදේශයේ ප්රධාන පෙළේ හෝටලයක් වෙත ගොස් ඇති බවද හෙළිවී ඇත.
එහිදී ගුරුවරිය සිය හැඳුනුම්පත භාවිත කරමින් අදාළ හෝටලයේ වෙන්කිරීම් සිදුකර ඇති බවද වාර්තා වෙයි.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්රාත් ලෝචනී අබේවික්රම පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට ඊයේ නියෝග කර තිබේ.
Aruna