මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම-කුරුණෑගල කොටස නොවැම්බරයේ ජනතා අයිතියට

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස නොවැම්බර් මස ජනතා අයිතියට පත් කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගය නොවැම්බර් මස 15 වන දින වන විට විවෘත කිරීමට හැකි බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කලේ.
දෙවන අදියර මීට මාස 09 කට 10 කට පෙර අවසන් කිරීමට නියමිතව තිබූ බව කියා සිටි අමාත්‍යවරයා හිටපු රජය එවකට සිටි ඇමතිවරුන් සතු මිතුරන් හා සමාගම් සඳහා කොන්ත්‍රාත් ලබා දීමට පියවර ගැනීම ප්‍රමාදයට හේතු වූ බව ද කියා සිටියා.
රට හදන සෞභාග්‍යයයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මාර්ග දෙපස පැළ දස ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතිය යටතේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා පැළ සිටුවීමේ වැඩසටහනකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
රුක් රෝපණ වැඩසටහන මීරිගම අන්තර් හුවමාරුව අසලින් පසුගියදා ආරම්භ කෙරුණ අතර පැකේජ 4 ක් යටතේ මගුල් කරද සහ රොබරෝසියා පැළ සිටුවීම මෙහිදි සිදුවනවා.
මෙම අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) සභාපති චමින්ද අතළුවගේ, මාර්ග සංවර්ධන අධිකාරියේ හි අධ්යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන්, මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ව්‍යාපෘති අධ්යක්ෂ අනුර කෙහෙල්ලැල්ල ඇතුළු නිලධාරීහු රැසක් සහභාගීව සිටියා.