BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSPOLITICSWEST

මෙහෙයුම අවසන් කරන්නේ ජයග්‍රහණයෙන් පසුවයි.- ජනපති පුටින් දැඩිව කියයි..!

රුසියානු හමුදා මෙහෙයුම සැලසුමට අනුව අවසන් වනතෙක් ක්‍රියාත්මක වන බව ජනාධිපති ව්ලැද්මීර් පුටින් ආරක්ෂක කවුන්සිලය අමතා ඊයේ ප්‍රකාශ කලා.

යුක්‍රේන යුද්ධයේදී මියගිය රුසියානු සොල්දාදුවන්ට ගෞරව පුදකිරීමට ඔහු එහිදී පියවර ගනු ලැබූ අතර,

“යුද්ධයේ නිරත රුසියානු සොල්දාදුවන් වීරයින් ලෙස කටයුතු කරනවා. අපේ සොල්දාදුවන් මේ සටනේ නිරතවන්නේ, ස්ථිර සහ මනා අවබෝධයෙන් යුතුවයි. යුක්‍රේන සහ රුසියානු වැසියන් එකම පිරිසක් බව මං තවදුරටත් විශ්වාස කරනවා. ඒත් ඇතැම් වැසියන් එසේ සිතන්නේ නැහැ. ඔවුන්ගෙන් බොහෝදෙනා නාසි සහ ජාතිවාදී න්‍යාය පත්‍රවලට රැවටිලා. යුද්ධයේදී මියගිය සොල්දාදුවන්ගේ පවුල් රැකබලාගැනීම අපේ යුතුකම. ඔවුන් සටන් වැදුණේ තමන්ගේ මාතෘභුමිය සහ රුසියානු ජනතාව වෙනුවෙන්.” 

ලෙසට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා අදහස් දක්වනු ලැබුවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button