BREAKING NEWSEXCLUSIVE

ඉදිරි දින 03 තුළ හැඳුනුම්පත් භාවිතා කර බැහැර යාමේ ක්‍රමවේදය අවලංගුයි

සම්පූර්ණයෙන්ම සංචරණ සීමා පනවා ඇති දින 03 තුළ හැඳුනුම්පත් ක්‍රමවේදය භාවිත කරමින් නිවෙස් වලින් බැහැරව යාමට කිසිඳු අවසරයක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා.

අද (13) රාත්‍රී 11.00 සිට ලබන සඳුදා අලුයම 4.00 දක්වා දිවයින පුරා සියලුම සංචරණ තහනම් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම අදාළ කාලය තුළ දී කඩසාප්පු විවෘත කර තැබීමද සම්පූර්ණයෙන් තහනම් වන අතර අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කළ හැකි බව සඳහන්.

නමුත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් වෙත යාමටත්, ඖෂධ බෙදා හැරීමටත් එම දින 03 තුළ කිසිඳු බාධාවක් නොමැති බවයි අජිත් රෝහණ මහතා අවධාරණය කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button