BREAKING NEWSEXCLUSIVEPOLITICS

අරගලය මුවාවෙන් මන්දිර සහ රජයේ කාර්‍යාල අත්පත් කරගත් අයට වැඩ වරදී.- සියල්ල සොයා පොලිස් පරීක්ෂණ ඇරඹේ.!

අරගලය මුවාවෙන් රජයේ දේපල වලට දැඩි අලාභ හානි සිදුකරමින් අත්පත්කරගත් සියල්ල සොයා පරීක්ෂණ ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පොලිසියට දැනුම් දී තිබෙනවා.

ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය අල්ලාගැනීම නීති විරෝධි වන බවත්, එම නිසා ඊට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නිත්‍යානුකූල පියවර ගන්නා බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද උදෑසන සදහන් කලා.

ඒ අනුව අරගලය යැයි පවසමින් ජනාධිපති කාර්යාලය, අගමැති කාර්‍යාල සහ රජයේ මන්දිර සියල්ලටම අලාභ හානි කරමින් අත්පත් කරගත් සියල්ල සොයා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම සදහා පොලිස් පරීක්ෂණ ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා..

තවද, අන්තරේ කැදවුම් කරු වසන්ත මුදලිගේ සහ රත්කරව්වේ ජිනරතන අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් ක් තිබෙනවා..

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button