BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSWEST

ඉරාන නාවික හමුදාවට අයත් විශාලම නෞකාව ඕමාන බොක්කේදී ගිනිගෙන විනාශ වේ.

ඉරාන නාවික හමුදාවට අයත් විශාලම නෞකාව වන IRIS Kharg නෞකාව ඕමාන බොක්කේ ජස්ක් වරායට එපිටින් මුහුදේදී ගිනිගෙන මුහුදු බත් වී තිබේ.

ඉරාන නාවික හමුදා යාත්‍රාවලට තෙල් සහ වෙනත් ද්‍රව්‍ය සපයන සැපයුම් නෞකාවක්
ලෙස භාවිතා වූ මෙම නෞකාව 1977 දී බ්‍රිතාන්‍යයේදී නිපදවා ඇති අතර 1984 දී ඉරාන නාවික හමුදා නෞකා පන්තියට එක්කර තිබේ..

අද මැදියම් රැයේ නෞකාවේ ගින්න හට ගෙන ඇති අතර ගිනි නිවීමට ගත් සියළු උත්සහ ව්‍යාර්ථ වී ඇත.. නෞකාවේ සිටි පිරිස නිරුපද්‍රිතව ඉවත් කර ගැනීමට සමත් වී ඇතත් මෙම අනතුරට හේතුව මෙතෙක් ප්‍රකාශ කර නොමැත..

මෙම නෞකාව ඉරාන නාවික හමුදාවේ IRIS Sabalan නම් ප්‍රහාරක නෞකාව සමඟ 2013 වසරේ මාර්තු 22 වන දින 5 දින සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණියේය..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button