BREAKING NEWSEXCLUSIVE

ජවිපෙ පිටකොටුවේ ඉන්න පික්පොකට්කාරයෙක් වගේ – සජබ ය කියයි

ජනතා විමුක්ති පෙරමුණ අද පිටකොටුවේ සිටින පික්පොකට්කරුවකුට සමාන බව සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි පවසනවා.වැලිමඩදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

වැලේ වැල් නොමැතිව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ඕනෑ එකක එල්ලෙන්න බලන බවත්, එදා වගේම අදත් ශ්‍රීලනිපයේ අවශ්‍යතාවය වෙන්නේ තමන්ගේ නැතිවෙන මන්ත්‍රිධුර සහ ඇමැතිධුර රැකගන්න පුළුවන් තැනක සිටගැනීම පමණක් බවද ඔහු එහිදී කියා සිටියා.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා

‘ජවිපෙත් හරියට පිටකොටුවේ සිටින පික්පොකට්කරුවෙක් වගෙයි. පොකට් ගහලා හොරා හොරා කියලා කෑ ගහනවා. මිනිස්සු දුවනවා හොරා අල්ලන්න. හැබැයි හොරා කියලා කෑ ගහන කෙනාම තමයි පොකට් එක සාක්කුවට දාගෙන ඉන්නේ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු හදලා ඒ ආණ්ඩුව වැරැදියි ඒ ආණ්ඩුවේ හොරු ඉන්නවා කියලා ජනතා විමුක්ති පෙරමුණ කෑ ගැහැහුවා. ජනතා විමුක්ති පෙරමුණට විලිලැජ්ජාවක් තියෙනවාද ඒ වගේ හොරකම් කරපු මැති ඇමැතිවරු ඉන්න ආණ්ඩුවක් එක්ක දීග කන්න?

ජනතා විමුක්ති පෙරමුණට ඇත්තේ මේ පොළොවේ පැලකරන්න පුළුවන් අදහස් නොවෙයි. විශ්වවිද්‍යාල සිසුන් විශ්වවිද්‍යාලයෙන් එළියට එනකම්ම ඔවුන්ගේ මනස විකෘති කරලා අධ්‍යාපනය කඩාකප්පල් කරන තැනටම ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන වැඩපිළිවෙල නිර්මාණය කළා. නමුත්, විශ්වවිද්‍යාල සිසුන් විශ්වවිද්‍යාලයෙන් එළියට ආවම ඔවුන් ජනතා විමුක්ති පෙරමුණේ මතය ජනගත කරන්න කටයුතු කරන්නේ නැහැ. උගතුන් බුද්ධිමතුන් හැටියට ඔවුන් දන්නවා ජනතා විමුක්ති පෙරමුණ කරන්නේ බොරුවක් කියලා.’

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button