BREAKING NEWSEXCLUSIVEPOLITICS
ඊයේ උද්ඝෝෂණයේ කලහකාරි හැසිරීම ජවිපෙ හෙලාදකියි..!

ඊයේ මීරිහානේදී ඇතිවූ කලහකාරී තත්වය තම පක්ෂය විසින් හෙළාදකින බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් සදහන් කරනවා.
ස්වාධීන සහ සංයමයෙන් පැවති උද්ඝෝෂණය ප්‍රචන්ඩකාරී තත්වයක් දක්වා රැගෙන ගියේ කවුද යන්න ගැන වහාම පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටින ඔහු. වෙඩි තැබීමට අණදීම පිලිබදවත් විවේචනයක් සිදු කර සිටියා.
කිසිදු සංවිධායකයෙක් නැති වගකීමක් ගැනීමට අයෙක් නැති මෙවැනි අසංවිධානාත්මක උද්ඝෝෂණ සදහා යාමේදී තවදුරටත් සැලකිලිමත් වන ලෙස ඔහු යලිත් ජනතාවගෙන් ඉල්ලා සිටියා.