BREAKING NEWSEXCLUSIVE

රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩලය වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාර්යමණ්ඩලය අද (03) සහ හෙට (04) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි ප්‍රකාශ කළේ කණිෂ්ඨ කාර්යමණ්ඩලවල සේවකයින්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවය.

මූලික ඉල්ලීම් 12ක් මුල් කරගෙන මෙම ව්ෘතීය ක්‍රියාමාර්ගයට පිවිසෙන බවත් මෙම අවස්ථාවේ රෝහල් තුල සේවයේ නිරතවී සිටින කණිෂ්ඨ කාර්යමණ්ඩලයට තවදුරටත් වැඩ කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට පහසුකම් ප්‍රමාණයක් ඔවුන්ට අවශ්‍ය නමුත් මේ ගැටලුවලට උත්තර නොදී කල්මරමින් යන ස්වභාවයක් ඇති බවත් උන්වහන්සේ වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button