කොරෝනා ‘චීනයට එරෙහි දේව දඬුවමක්’ ලෙස හැඳින්වූ ඉස්ලාමීය පූජකයාට වෛරසය ආසාදනය වේ

කොවිඩ්-19 (කොරෝනා) වෛරසය “චීනයට එරෙහි දේව දඬුවමක් ” ලෙස හැඳින්වූ ඉරාක ඉස්ලාමීය පූජකයකු වන හාඩි අල්-මෝඩරෙසි හට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
පෙබරවාරි 28 වනමෝඩරෙසි සඳහන් කර සිටියේ, “මෙම වෛරසය පැතිරීම අල්ලාහ්ගේ ක්‍රියාවක් බව පැහැදිලිය. කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූයේ චීනයේ , එම රටේ බලධාරීන් කුරිරු වන අතර ඔවුන් මිලියනයකට වඩා මුස්ලිම්වරුන් වටලනු ලැබීය.
එම රටේ මාධ්‍යවේදීන් මුස්ලිම් කාන්තාවන්ගේ නිකාබයට සමච්චල් කිරීමට පටන් ගත් අතර ඔවුන් මුස්ලිම් පිරිමින්ට ඌරු මස් අනුභව කිරීමට හා වයින් පානය කිරීමට බල කළහ.
“ඔවුන් සමච්චලයට ලක් කළ නිකාබය ලෙසම මුහුණ ආවරණය කිරීමට අල්ලාහ් විසින් රාජ්‍ය බලධාරීන් සහ නිලධාරීන් විසින් ජනතාවට කීමට ඔවුන්ට බල කර ඇත” යැයි පූජකවරයා පැවසීය.
“අල්ලාහ් ඔවුන් මත රෝගයක් යැවූ අතර එය චීන ජාතිකයින් මිලියන 40ක් රෝගී කරවනු ඇත. ඉස්ලාමය කෘමීන් ආහාරයට ගැනීම තහනම් කළ නමුත් චීන ජාතිකයන් එය සමච්චලයට ලක් කළේය.
එහිදී ඔබට රෝගය තිබේනම්, එය සත්ව ලෝකයෙන් පැතිරෙයි – එය වවුලන් වේවා, කුහුඹුවන් හෝ සර්පයන්, ප්‍රතිඵලය සමාන වේ ”. ලෙස ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.