CRICKETSPORTS

IPL තරගාවලිය අද සිට

IPL 2021 තරගාවලිය අද සිට ආරම්භ වනවා.

එහි පළමු තරගය පැවැත්වෙන්නේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර චෙන්නායි හී M A චිදම්බරම් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7:30 ට ආරම්භ වීමට නියමිතයි.

මෙවර තරගාවලිය තරග 60 කින් සමන්විත අතර අවසන් මහා තරගය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ අහමදාබාද්හී පිහිටි ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස සැලසෙන නරේන්ද්‍ර මෝදි ස්ටේඩියම් හීදියි.

කණ්ඩායම් සංඛ්‍යාව 08 ක් එක්වන මෙවර IPL තරගාවලියට කිසිදු ලාංකික ක්‍රීඩකයෙක් ක්‍රීඩා කරන්නේ නැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button