BREAKING NEWSEXCLUSIVE

කොවිඩ් මර්දන ඩිජිටල් එන්නත්කරණ හැදුනුම්පතේ මුලික ව්‍යාපෘතිය ඇරඹේ

සෞඛ්‍ය අමාත්‍යාංශය හා ICTA ආයතනය එක්ව ඩිජිටල් එන්නත්කරණ හැදුනුම්පතේ මුලික ව්‍යාපෘතිය අද (19) ආරම්භ කළා.

ඒ යුද හමුදා රෝහලේ දි.

කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු කාර්යක්ෂම කිරීමේ අරමුණින් ඇරඹි මෙම ව්‍යාපෘතිය හරහා අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වී එන්නත්කරණයට අදාළව ලබා ගන්නා අංකය හා වේලාව ඔස්සේ දිවයින පුරා එන්නත්කරණ වැඩසටහන ක්‍රමිකව හා වේගවත්ව සිදු කිරීමට රජය බලාපොරොත්තු වන බවයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කරන්නේ.

ඩිජිටල් එන්නත් සහතිකය නිකුත් කිරීම සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා දැඩි කැපවීමෙන් අදාල ආයතන අතර සම්බන්ධීකරන කටයුතු සිදු කළා.

මෘදුකාංගය ජනගත කරන අවස්තාවට ICTA ආයතනයේ සභාපති ලලිත් ගමගේ මහතා හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලුතිනන් ජෙනරාල් සන්ජීව මුනසිංහ යන මහත්වරුන් සහභාගී වුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button