CRICKETSPORTS

ඉතිහාසගත වූ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම

ලොව පළමුවරට පැවැත්වූ “ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය” ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුනා.

ඒ, අවසන් තරඟයේදී ඉන්දීය කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමිනි.ජයග්‍රහණය සඳහා ලකුණු 139ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම කඩුලු දෙකක් පමණක් දැවී එම තරඟය ජයගත්තේය.

ඉන්දියාව සහ නවසීලන්තය අතර එම තරඟය එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හිදී පැවැවිනි.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 217ක් රැස්කළේය. ඊට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම රැස්කළ ලකුණු සංඛ්‍යාව 249කි.

විටින් විට වර්ෂාව හේතුවෙන් තරඟයට බාධා ඇතිවූ බැවින් 6 වැනි දිනටත් ඊයේ (23) දින මෙම අවසන් තරඟය පැවැත්වුණි.

තරඟයේ අවසන් දිනය වූ අද තරඟය ඇරඹෙන විට ඉන්දීය කණ්ඩායම කඩුලු 2ක් දැවී ලබා සිටියේ ලකුණු 64කි.නමුත් ඔවුන්ට සිය දෙවැනි ඉනිම සඳහා රැස්කළ ලකුණු ගණන 170කි.

මීට අමතරව සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඊයේ (23) පැවති පළමු විස්සයි 20 තරගය කඩුලු 08කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 129ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දසුන් ශානක ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වුනා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 17යි එක් පන්දුවක් තුළ කඩුලු 02ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජොස් බට්ලර් නොදැවී ලකුණු 68ක් ලබා ගැනීමට සමත් වුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button