BREAKING NEWSEXCLUSIVE
එන්නත්කරණ ක්‍රියාවලියේ දිනක් තුළ එන්නත් කළ වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ..

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ ක්‍රියාවලියේ දිනක් තුළ එන්නත් කළ වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ (12) දිනයේ වාර්තා වූ බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කලා.
ඒ අනුව ඊයේ දිනයේ එන්නත්කරණයට ලක්කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 137,067ක්.
එහිදී සයිනොෆාම් පළමු මාත්‍රාව 59,881ක්, එහි දෙවන මාත්‍රාව 76,615ක් ලබා දී තිබෙනවා.
ඊට අමතරව ස්පුට්නික් V දෙවන මාත්‍රාව 390 දෙනෙකු සඳහාත් කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 181 දෙනෙකු සඳහාත් ලබාදී ඇත.