BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

ලොවපුරා වැඩිම කොරෝනා ආසාදිතයින් සහ මරණ ගතවූ පැය 24 දී

නවතම කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භවීමෙන් පසුව ලොව රටවලින් මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වුණා. ඒ අනුව ඊයේ දිනයේදී පමණක් ලොව රටලින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අට ලක්ෂ අසූ අට දහස් හාරසිය හතලිස් හතරක් (888,444) ලෙස සටහන් වනවා.

එහිදී ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් හඳුනා ගැනුණේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව තුන් ලක්ෂයකටත් අධිකයි. එයට අමතරව බ්‍රසිලයෙන් ආසාදිතයින් 71,910 ක් සහ අමෙරිකාවෙන් ආසාදිතයින් 65,000 ක් ලෙස ඊයේ වාර්තා වුණා. මීට අමතරව තුර්කිය, ප්‍රංශය, ජර්මනිය, ඉරානය සහ ඉතාලිය යන රටවලින් ද සැලකිය යුතු ආසාදිතයින් පිරිසක් ඊයේ වාර්තා වුණා.

කොරෝනා වෛරසයේ ආරම්භයෙන් පසුව ලොව රටවලින් මෙතෙක් සිදුවූ වූ වැඩිම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේද ඊයේ දිනයේදීයි. එම සංඛ්‍යාව 14,089 ක් වනවා. ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙන් වන අතර එම සංඛ්‍යාව 3,157 ක්. ඉන්දියාවෙන් පමනක් වාර්තා වූ කොරෝනා මරණ සංඛාව 2000 කට අධිකයි.

කෙසේ වෙතත්, කොරෝනා වෛරසය ආරම්භ වූ චීනයෙන් ගතවු පැය 24 දී වාර්තා වී තිබුණේ ආසාදිතයින් 21 දෙනෙකු පමණක් වීම විශේෂත්වයක්. නව්‍ය කොරෝනා වෛරස් ප්‍රභේදය ව්‍යාප්තියෙන් පසුව  චීනයෙන් ගතවූ පැය 24 දී කිසිඳු කොරෝනා මරණයක් වාර්තා නොවීමද විශේෂත්වයක් ලෙස දැකිය හැකියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button