BREAKING NEWSPOLITICS

වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහි පෙත්සම් විභාගය තෙවන දිනටත් ඇරඹේ

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය තෙවන දිනටත් අද (21) ආරම්භ කර තිබෙනවා.ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල‍ක් හමුවේය.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පුද්ගලයින් සහ සංවිධාන මීට අදාළව පෙත්සම් 19ක් ඉදිරිපත් කර තිබුණා.

ඊයේ (20) දිනයේ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් අවසන් කෙරුණු අතර අතරමැදි පෙත්සම්කරුවන්ගේ කරුණු දැක්වීම අද දින ආරම්භ කෙරෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button