BREAKING NEWSEXCLUSIVE

සංචාරක කර්මාන්තය යළි නගාසිටුවන්න අවශ්‍ය පහසුකම් දෙන්න රජය සූදානම් -අමාත්‍ය බැසිල් රාජපක්ෂ

කොරෝනා වසංගතය හමුවේ බලපෑම් එල්ල වූ සංචාරක කර්මාන්තය යළි සක්‍රීය කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට සූදානම් බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අවධාරණය කළා.

ඉලක්කගත වැඩපිළිවෙලක් ඔස්සේ සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත්කරන්න මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් සිටින බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ අංශ සමඟ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුවා. සංචාරක හෝටල් හිමියන්, ගුවන් සමාගම් නියෝජිතයන් මෙන්ම සංචාරක නියෝජිත ආයතන නියෝජිතයන් ද එම සාකච්ඡාවට එක්ව සිටියා. සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනිමේදී මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබදව මෙම නියෝජිතයන් අමාත්‍යවරයා දැනුවත් කළා.

යුද සමයේදී සංචාරක කර්මාන්තයේ යම් බිද වැටීමක් ඇතිවූ අවස්ථාවේ එම අභියෝගය ජය ගැනීමට කටයුතු කළ ආකාරය අමාත්‍යවරයා මෙහිදි සිහිපත් කළා. පවතින තත්ත්වය කෙටි කාලයක් තුළ මගහරවා ගැනීමට හැකිවනු ඇති බවටයි ඒ මහතා විශ්වාසය පළ කළේ. කොවිඩ් තත්ත්වය සහ එන්නත්කරණ වැඩපිළිවෙලේ ප්‍රගතිය පිළිබදව ද සෙසු රටවල් දැනුවත් කිරීමට කටයුතු කෙරෙනවා.

කොවිඩ් වසංගතය සහ එන්නත්කරණය පිළිබද තොරතුරු නිකුත් කිරීමේදී අදාළ අංශ සමග ඒකාබද්ධව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව ද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button