BREAKING NEWSEXCLUSIVE

සිනොෆාම් එන්නත මුලින්ම දෙන පිරිස ගැන රජයෙන් ප්‍රකාශයක් කරයි

චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නත මෙරට භාවිතය සඳහා පළමු වරට හෙට දිනයේ දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

එම එන්නත පළමු වරට ලබා දෙන්නේ මෙරට වෙසෙන චීන ජාතිකයින්ට බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළේ.

මේ අතර, මෙරටින් ඊයේ හඳුනාගැනුණු කොරෝනා ආසාදිතයින් 215 දෙනාගෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

එම සංඛ්‍යාව 47 ක්. ගම්පහ සහ යාපනය යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 17 දෙනෙකු බැගින් වාර්තා වූ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. ඊයේ හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 49 දෙනෙකු ද වනවා.

ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා මරණ 05 ක් වාර්තා වුණා. ඒ, ඇතුල්කෝට්ටේ, කඳාන, කොළඹ 15, කොළඹ 13 සහ දකුණු කළුතර යන ප්‍රදේශවලින්.

මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 92,183 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඉන් ආසාදිතයින් 88,914 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button