BREAKING NEWSEXCLUSIVE

ගෝඨාභය රාජපක්ෂ යුගය මෙරට කර්මාන්තකරණයේ විශිෂ්ටතම යුගය කර – විමල් වීරවංශ

අපේ කම රැකගත් ගමනක් තුළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති යුගය මෙරට කර්මාන්තකරණයේ විශිෂ්ටතම යුගය බවට පත්කිරීමට සියලු දෙනා එක්විය යුතු බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(15) පැවති ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලට
එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය.
රටට පණදෙන කර්මාන්ත පුනරුදයකට යන්න තේමා කරගනිමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයීමේ ජාතික කර්මාන්ත
විශිෂ්ටතා සම්මාන උළෙල ඊයේ පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් පරිශ්‍රයේ දී පැවැත්වුණි…
මෙහිදී විශිෂ්ටතම කුඩා, මධ්‍ය සහ මහා පරිමාණ නිෂ්පාදන කර්මාන්ත සහ විශිෂ්ටතම යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදන සඳහා ජනාධිපතිවරයාගේ අතින් ප්ලැටිනම් සම්මාන පිරිනැමුණු අතර කුඩා, මධ්‍ය සහ මහා පරිමාණ ක්ෂේත්‍ර 20කට අදාළව සවර්ණ,රජත සහ ලෝකඩ සම්මානය පිරිනැමීමද සිදුවුණි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ..

“කර්මානකරුවන්ට එක පැත්තකින් අවස්ථාවක් ඇතිවෙලා තියෙනවා. එක පැත්තකින් අභියෝගයකුත් ඇතිවෙලා තියෙනවා. මේ වසංගත අවස්ථාවක රජය ගත ප්‍රතිපත්තිමය
තීරණ විසින් අවකාශය සකසා දී තිබෙනවා අපේ දේශීය කර්මාන්තකරුවාට වැඩි වෙළෙඳපොළ අවකාශයක් අත්පත්කර ගන්න. අද අපිට සතුටු වෙන්න පුළුවන් මේ අභියෝග මැද්දේ වාහන එකලස් කිරීමේ කර්මාන්තකරුවන් තුනයි හිටියේ. අද ඒක 11ක් හෝ 13ක් දක්වා ප්‍රසාරණය වෙලා තියෙනවා. අද අපේ මෝටර් රථ අමතර උපාංග නිෂ්පාදනය කරන කර්මාන්තයත් ඊට සමගාමිව දියුණු වෙමින් තිබෙනවා. පසුගිය දා ලංකාවේ ටයිල් වෙළෙඳපොළේ වැඩිම පංගුව තියාගෙන හිටපු ව්‍යාපාර හිමිකරුවන් රජය ගත්, ටයිල් පිටරටින් ගෙන ඒම නතර කිරීමේ තීරණය හේතුකොට ගෙන චීනයෙන් ගෙනල්ලා විකුණලා උපයපු මුළු ධනය වැයකරලා කර්මාන්තශාලාව පටන්ගත්ත අගලවත්ත ආසනයේ, මේ රටේ
ටයිල් නිෂ්පාදනය කරන්න. ටයිල් නිෂ්පාදනයට සාමාන්‍යයෙන් අමුද්‍රව්‍ය 80%කට වඩා දේශිය වශයෙන් සපුරගන්න පුළුවන්.අමුද්‍රව්‍යවලින් 80%කට වඩා දේශිය වශයෙන් සපුරගන්න
පුළුවන් කර්මාන්තයකුත් පිටරට නිෂ්පාදකයාට භාරදීලා වෙළෙඳපොළ අපි බලන් ඉන්නවානම් එක් ඉතා අනුවනකමක්.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් මේ රටේ ජනාධිපති ධුරයට පත්වෙන්නේ ස්වදේශීක ජන අභිලාශයන්ගේ එකතුවත් හැටියට. ඒක තුළ තියෙන්නේ අපේකම, අපේ දේ, අපේ අනන්‍යතාවය, අපේ උරුමය. මේ අපේකම් සියල්ල රැකගත්තු
ගමනක් යන ජනවරමක්. මම හිතනවා තව යන්න බෝහෝදුර තියෙනවා. ඒ දුර යන්න පුළුවන් දේශීය කර්මාත්තුකරුවා මුළුමනින්ම ඒකට සූදානම් කියන විශ්වාසය අපට තිබෙනවා.
සියලුදෙනා එක්ව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගය මේ රටේ කර්මාන්තකරණයේ විශිෂ්ටතම යුගය බවට
පත්කිරීමට එක්වෙමු, කැපවෙමු ඒ සඳහා සූදානම් වෙමු.”

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button