BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

දැඩි සත්කාර ඒකකයේ ඇදක් නොමැතිව මියගිය පළමුවන කොරෝනා මරණය මාවනැල්ල රෝහලෙන් වාර්තා වෙයි

දැඩි සත්කාර ඒකකයේ ඇදක් නොමැතිව මිය ශ්‍රි ලංකාවේ පළමු කොවිඩ් මරණය අද මාවනැල්ල මූලික රෝහලෙන් වාර්තා වුනා. ඒ වෛද්‍යවරයකුගේ සොහොයුරකුයි.

ඔහු ඊයේ 26 වැනිදා මියගොස් ඇතිබව අනාවරණය වූ අතර,මාවනැල්ල මූලික රෝහලේ සේවය කරන මෙම වෛද්‍යවරයාගේ සොහොයුරාට 24 දා ඇති වුණ කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව නිසා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල වෙත ගිය මොහොතේ කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇතැයි සැක කළ වෛද්‍යවරුන් ඔහුව පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමු කිරීමෙන් අනතුරුව එම රෝගියා අනෙක් රෝගීන්ගෙන් වෙන්කර ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබෙනවා.

පෙරේදා (25) මෙම රෝගියාට ස්වසන අපහසුතා සමග තවත් සාංකූලතා ඇති වූ හෙයින් වහාම වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩල එක්ව කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් සඳහා ප්‍රතිකාර කෙරෙන දැඩි සත්කාර ඒකකයක ඇඳක් සොයා ගැනීමට උත්සාහ දැරූවත් එය අසාර්ථක වී ඇත.

එම රෝගියාගේ තත්ත්වය අසාධ්‍ය තත්ත්වයට පත් වී හෘදයාබාධ තත්ත්වයක් ඇතිව මි ය ගොස් ඇත. පසුව කළ එක්ස්රේ පරීක්ෂණය මගින් ඔහුට නිව්මෝනියා තත්ත්වය ඇති වී තිබෙන බවට තහවුරු වී තිබේ.කෑගල්ල මහ රෝහලේ කොවිඩ් ආසාදිත සංකූලතා ඇති දැඩි සත්කාර අවශ්‍ය රෝගීන් තිදෙනකුට අවශ්‍ය ප්‍රතිකාර කළ හැකි දැඩි සත්කාර ඒකකයක් පැවතියත් ඊට අවශ්‍ය කාර්ය මණ්ඩලවල අඩුවක් නිසා ක්‍රියාත්මක නොවෙයි.

එහි දැඩිසත්කාර ඒකකයේ පවතින ඇඳන් තුන සඳහා අවශ්‍ය සියලු උපකරණ තිබියදීත් කාර්ය මණ්ඩල අඩුවක් නිසා එය වසා දමා තිබීම කොවිඩ් 19 ආසාදිත අසාධ්‍ය රෝගීන්ගේ ජීවිතවලට අවදානමක් බව සේවකයෝ පෙන්වා දෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button