BREAKING NEWSPOLITICS

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පිලිගන්නවා – රතන හිමියන්

පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ පිළිබද අධ්‍යයනය කිරීමට පත් කළ අනුකමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ලක්වුනි.
කැබිනට් මණ්ඩලය ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණේ ජනාධිපති කාර්යාලයේදියි. එහිදී පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් අනුව කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලය තිරණය කර තිබෙනවා.

දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන බවට වාර්තා වුවද එම වාර්තාව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. එම  වාර්තාව කැබිනට් මණ්ඩලයෙන් ඉවත්කර ගෙන තිබූ අතර ඉකුත් රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක් වූ පොලිස් නිලධාරීන්ගේ උසස් වීම් සම්බන්ධයෙන් එම වාර්තාවට ඇතුළත්ව තිබූ බවයි වාර්තා වන්නේ.

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ අඩුපාඩු ඇතත් එම වාර්තාව තමන් ද පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් උන්වහන්සේ සදහන් කළේ එම වාර්තාවේ වැදගත් නිර්දේශ රැසක් ඇතුළත් බවයි. එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීම

බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩිදුරටත් සදහන් කළා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button