BREAKING NEWSEXCLUSIVEPOLITICS

ගෝලීය දේශපාලන ප්‍රවණතා එම ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කර ත්බෙනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

කෝවිඩ් වසංගතය මෙන්ම යුක්‍රේන යුද්ධය හේතුවෙන් නිර්මාණය කරන ලද ගෝලීය ආර්ථික අස්ථාවරත්වයේ අහිතකර ප්‍රතිවිපාක වන ආහාර, ඉන්ධන සහ පොහොර මිල අධික ලෙස ඉහළ නැගීම දරාගත නොහැකි තත්ත්වයක් නිර්මාණය කළ බවද ගෝලීය දේශපාලන ප්‍රවණතා එම ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කර ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පිලිපීනයේ, මැනිලා නුවර ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ දි ඊයේ (29) පෙරවරුවේ පැවැත්වුණු ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික රැස්වීමේ ප්‍රධාන සැසිය අමතමිනි.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඉහළ ගිය ආහාර සහ බලශක්ති මිල ගණන් මධ්‍යම පන්තියේ වර්ධනය පහත හෙළීමට තුඩු දෙන අතර ඉන්දියන් සාගර කලාපයේ අවදානමට ලක්විය හැකි ප්‍රජාව තවදුරටත් අනාරක්ෂිත භාවයට හේතු වී තිබෙන බවයි.

විශාල ආර්ථික පීඩනයක් මධ්‍යයේ, ශ්‍රී ලංකාව රටේ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ පෙර නොවූ විරූ මූල්‍ය ප්‍රයත්නයක් දරන බවත්, ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ මෙම ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාවේ ණය හිමියන් සහ සියලු පාර්ශ්වකරුවන් සහාය දක්වනු ඇතැයි අපේක්ෂා කරන බවත් සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකාව මෙම ගැඹුරු හා පීඩාකාරී ප්‍රතිසංස්කරණයන් සිදුකරන අතරම ඉහළ යන විරැකියාව සහ මිලදී ගැනීමේ හැකියාව අඩුවීම අත්විඳිමින් සිටින බවත්, කෙසේ වෙතත් සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි සාමාජිකයන්ට සිදුවන අහිතකර බලපෑම් පිළිබඳ රජය දැනුවත් අතර ඒ අනුව සමාජ ආරක්ෂණය සඳහා වැඩි මූල්‍ය ප්‍රතිපාදන සහ සම්පත් වෙන් කිරීමට සෑම උත්සාහයක්ම ගෙන ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික රැස්වීම සැප්තැම්බර් 26 වනදා ආසියනු සංවර්ධන බැංකු මුලස්ථානයේ දී ආරම්භ කෙරුණු අතර එය සැප්තැම්බර් 30 වනදා දක්වා පැවැත්වෙයි.

එහි මුලසුන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හොඹවනු ලැබීය. පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්. මාකෝස් -කණිෂ්ඨ (Ferdinand R.Marcos, Jr. ) සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා (Masatsugu Asakawa) මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම රැස්වීමට සාමාජික රටවල මහ බැංකු අධිපතිවරු එක්ව සිටියහ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button