ARTICLESBREAKING NEWSEXCLUSIVEPOLITICSSOCIAL MEDIA PICKS

සාෆි ෂිහාබ්ඩීන් ගැන රට කළඹන හෙළිදරව්ව..!

මේ වනවිට මෙරට සමස්ත සමාජයම කම්පාවටත් කෝපයටත් සංවේගයටත් පත් කර තිබෙන සාෆි ෂිහාබ්ඩීන් සිදුවීමේ තිරයෙන් එහා කතාව මෙසේය.

වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන් ඔහු සේවය කළ කුරුණෑගල මහරෝහලේ සිදුකළ අපක්ෂපාතී පරීක්ෂණයකින් ඔහුට එරෙහිව පවතින චෝදනා වලට වැරදිකරුවෙක් කළ පුද්ගලයෙකි.
ඔහුට එරෙහිව පවතින්නේ මහා මානව සංහාරයක චෝදනාය.ඔහුට එරෙහිව මේ වනවිට රාජ්‍ය සේවා කොමිසන් සභාවේ පරීක්ෂණයක්ද සිදුකෙරෙමින් පවති.

එහිදි සාෆි ෂිහාබ්ඩීන් වැරදිකරු කරමින් කුරුණෑගල මහ රෝහළේ සිදු කළ පරීක්ෂණ වාර්තාව පසුගිය වසර පුරා, රාජ්‍ය සේවා කොමිසන් සභාව විසින් ලිඛිතව කිහිපවරක්ම ඉල්ලා තිබුනි. රාජ්‍ය සේවා කොමිසන් සභාවේ සභාපතිධූරය විශ්‍රාමික විනිසුරු ජගත් බාලපටබැඳි විසින් දරන අතර, දිලිත් ජයවීර, ඩයන් ගෝමස් ආදීන් එහි සාමාජිකයන්ය.කෙසේ වෙතත් මෙම වාර්තාව සෞඛ්‍ය ලේකම්වරයා විසින් රාජ්‍ය සේවා කොමිසන් සභාවට යැවීම ප්‍රතික්ෂේප කර තිබුනි.

එම වාර්තාව රාජ්‍ය සේවා කොමිසමට යැව්වේ නම් මේ වනවිට සාෆි ෂිහාබ්ඩීන් සම්පූර්ණයෙන්ම සේවයෙන් පහ කර දැමීමට රාජ්‍ය සේවා කොමිසමට තීරණය කළ හැකිව තිබුනි.කෙසේ වෙතත් කාලයක පටන් ඉල්ලීම් කළත් සෞඛ්‍ය ලේකම්වරයා කුමන හෝ හේතුවක් මත සාෆි ආරක්ෂා කරමින්, ඔහුට එරෙහි සාක්ෂි රාජ්‍ය සේවා කොමිසමට ලබා දීම ප්‍රතික්ෂේප කර තිබුනි.

ඉන්පසුව රාජ්‍ය සේවා කොමිසම විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිපියක් මගින් දන්වා තිබුණේ සාමාන්‍ය වැඩ තහනම් කළ රාජ්‍ය සේවකයෙකුට අනුගමනය කරන ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් ඔහු වැඩ තහනම් කළ කාල සීමාවේත් වැටුප් ගෙවීමට කටයුතු කරන ලෙසයි.මින් පෙර නිද්‍රාශීලී බවක් පෙන්වූ සෞඛ්‍ය ලේකම් සංජීව මුණසිංහ මෙම ලිපියට නම් ඉතාමත් කඩිසරව ප්‍රතිචාර දක්වා තිබුණි. එයට හේතුව කුමක්දැයි දන්නේ සංජය මුණසිංහම පමණි.

මේ අනුව දැන් මාධ්‍යයට නිකුත් වූ මෙම ලිපිය සෞඛ්‍ය ලේකම්වරයා විසින් කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂකවරයාට යවා තිබේ.සෞඛ්‍ය ලේකම්වරයාගේ මෙම ආන්දෝලනාත්මක ලිපිය සම්බන්ධයෙන් ඔහු සෞඛ්‍ය ඇමතිවරයා පවා දැනුවත් කිරීමට කටයුතු කර නොතිබීම තවත් සැක උපදවන කාරණාවකි.මෙම ලිපිය පිළිබඳ දැනුවත් වූ වහාම සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ෂාෆි ෂිහාබ්ඩීන්ට වැඩ තහනම් කර සිටින සමයේත් හිඟ වැටුප් ගෙවීම නතර කිරීමට කටයුතු කළේය.

එමගින් සෑහීමකට පත් නොවූ සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම්වරයාට දැඩි ලෙස බැණ වැදුණු බවත් වාර්තා වේ.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් දුරකථන ඇමතුමක් ගෙන සෞඛ්‍ය ලේකම්වරයා හොඳහැටි අමතා තිබෙන බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.මේ සමඟම සෞඛ්‍යය ලේකම්වරයා විසින් ආන්දෝළණාත්මක වැරදිකරුවෙකු නිදහස් කිරීමේ දුෂ්ඨ හා ත්‍රාඩ උත්සාහයක් නතර කිරීමට රජයට හැකි වුනි.

සෞඛ්‍යය ලේකම්වරයා යනු රාජ්‍ය සේවකයෙකි. මෙවන් නිලධාරීන් සිදු කරන මෙවන් ක්‍රියාවන් පසුපස ඇත්තේ හුදෙක් මුදල් අල්ලසක් ද එසේත් නොමැති නම් රජය අපහසුතාවයට පත් කිරීමේ දේශපාලන ඩීල් එකක්දැයි වහාම රජය විසින් සොයා බැලිය යුතුව තිබේ.

සාෆි ෂිහාබ්ඩීන් යනු තවත් එක් රාජ්‍ය සේවකයෙකු නොවේ. මහා කුමන්ත්‍රණකරුවෙකි. චෝදනා ඔප්පු වී සිටිනා අපරාධකරුවෙකි.ඔහු වැන්නෙක් නිදහස් කිරීමට තැත් කිරීම සමස්ත රජය පිළිබඳවම ජනතාව කළකිරීමකට ලක් කිරීමකි. ජනතාව මෙහි අභ්‍යන්තර කතාව දන්නෙ නැත.

කෙසේ වෙතත් කිසිම ලෙසකින් සාෆි ෂිහාබ්ඩීන් නිවැරදිකරුවෙක් වී නොමැත. පැහැදිලිවම පරීක්ෂණයකින් වැරදිකරු සිටින එවැන්නෙකුට වත්මන් රජය යටතේ නිවැරදිකරුවෙකු වීමට කිසිම ඉඩක් ඇත්තේත් නැත.
එවන් කිසිදු උත්සාහයකට ඉඩක් දිය යුතුද නොවේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button