BREAKING NEWSEXCLUSIVE

හෙට රට විවෘත වන්නේ සීමාවන්ට යටත්ව

දීර්ඝ කාලයක් අඛණ්ඩව පැවති සංචරණ සීමා ඉවත්කොට හෙට (21) දිනයේ රට විවෘත වන්නේ යම් යම් සීමාවන්ට යටත්ව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කර සිටිනවා.

ජනතාව ඊට අනුකූලව කටයුතු කළයුතු බව අජිත් රෝහණ මහතා වැඩි දුරටත් පෙන්වා දෙනවා.

ඒ අනූව,
කාර්යාල සඳහා සේවා සඳහා ගෙන්වා ගත හැක්කේ අවශ්‍යම අවම සේවක සංඛ්‍යාවකි.

නිවසේ සිට රාජකාරී කිරීමට හැකියාවත් තිබෙන පිරිස් එසේ සේවා සඳහා යොදා ගත යුතුය.

පොදු ප්‍රවාහන සේවාවලදී ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා යුතුය.

සෑම පුද්ගලයෙකුම මුහුණු ආවරණයක් පැලඳ සීටීම අනිවාර්ය වේ.

නිරෝධායනයට අදාළ අනෙකුත් නියෝග ද ඒ ආකාරයටම පිළිපැදිය යුතුය.

පළාත් අතර සංචරණ සීමා ඒ ආකාරයටම ක්‍රියාත්මක වේ.

ඒ අනුව පළාත් හරහා ගමන් කළ හැක්කේ සුවිශේෂී කරුණක් සඳහා පමණි.

සාද, විනෝද ගමන්, චාරිකා, වන්දනා ගමන් සඳහා අවසර හිමි නොවේ.

පොදු ස්ථානවල සමූහ ලෙස ගැවසීම නොකළ යුතුය.

දිවයින පුරා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා හෙට අලුයම 4.00ට ඉවත් කිරීමට නියමිතය.

කෙසේ වුවත් යළිත් 23 වන බදාදා රාත්‍රී 10.00 සිට සංචරණ සීමා පැනවෙන අතර එය 25 වනදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මකය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button