BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

රට වහන්නෙ නෑ, රෝගීන් මතුවන ප්‍රදේශ හුදකලා කිරීම පමණයි- ජනපති දැනුම් දෙයි.

මේ වන විට යළිත් රට තුල ව්‍යාප්ත වෙමින් පැවතින කොරෝනා වසංගතය හමුවේදී රට පූර්ණ ලෙස රට වසා දැමීමට යා නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.

පසුගිය සති අන්තයේදී ගම සමග පිළිසදරක් වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීම සදහා පළමු වැඩසටහන පැවැති හල්දුම්මුල්ල ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් පසුව ජනාධිපතිවරයා, නිලධාරීන් සමග පැවැති සාකච්ජාවකදී මේ බව සදහන් කර ඇති බව සදහන්‍ ය.

එම සාකච්ඡාවේදී එහි සිටි ඇතැම් නිලධාරීන් රට සම්පූර්ණ වසා දැමීමක් පිළිබදව ජනාධිපතිවරයාගෙන් විමසා ඇති අතර එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ආර්ථික ගැටලු මත එසේ ‌කළ නොහැකි බවත්, රෝගීන් මතුවන ප්‍රදේශ පමණක් හුදකලා කිරීමට සැලසුම් කොට ඇති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button