BREAKING NEWSEXCLUSIVE
කංසා නීතිගත නොකල නිසා ඩොලර් බිලියන 2ක් රටට අහිමියි

කංසා නීතිගත කිරීමට අදාළව තමා ගෙනා යෝජනාව ක්‍රියාත්මක නොකළ නිසා රටට ඩොලර් බිලියන 2ක මුදලක් අහිමි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ පවසනවා.
ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පැවැති සර්ව පාක්ෂික සමුළුවට ඩයනා ගමගේ මන්ත්රීවරියද සහභාගී වී සිටි අතර එහිදී ඇය මේ බව ප්‍රකාශ කළා.
“අපි දන්නවා ඉන්දියාවේ ප්‍රාන්ත තුනකට නීත්‍යානුකූලව බලය දීලා තිබෙනවා කංසා පිටරට යවන්න. ඒත් අපේ රට අද මේ වගේ තත්ත්වයක තිබියදී ඩොලර් බිලියන 2 ක් වාර්ෂික උපයගන්න තිබුණා මම මේ යෝජනාව ගෙන ආපු දවසේ ඉඳන් ක්‍රියාත්මක කළානම්. ඒ ගැන නීත්‍යානුකූලව කටයුතු නොකළ නිසා අපේ රටට ඇමරිකානු ඩොලර් බිලියන 2 ක් නැති වුණා.”