BREAKING NEWSEXCLUSIVE

රට නැවතත් 6% ඉක්මවා යන ආර්ථික වර්ධන මාවතකට යොමු වෙලා- අගමැති කියයි

ශ්‍රී ලංකාව මේ වන විට නැවත වරක් සියයට 6 ක පමණ වර්ධන වේගයක් ඉක්මවා යන මාවතකට යොමුවෙමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

”ශ්‍රී ලංකා ආයෝජන සංසදය -2021” දෙවන දින සමාරම්භක උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,

“රටක් හැටියට මෙම බැරෑරුම් තත්ත්වයට දිගින් දිගටම මුහුණ දෙමින් අප රට නැවතත් කඩිසර වැඩබිමක් බවට පත් කරන්නට අපට දැන් අවශ්‍යයි.අපි දැනටමත් මාර්ග කිලෝමීටර් ලක්ෂය,“සැමට ජලය”,නව අධිවේගී මාර්ග ඉඳිකිරිම් වැනි රටපුරා ක්‍රියාත්මක කරන දැවැන්ත ව්‍යාපෘති හරහා ආර්ථිකමය පිබිඳීමක් ඇති කර ගෙන යනවා.

ජනතාව අතර නැවත මුදල් පරිහරණය කරවීම හරහා ව්‍යාපාරික කටයුතු ගොඩනංවනවා.ව්‍යාපාර පහසුවෙන් කර ගැනීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග දියත් කරගෙන යනවා.හම්බන්තොට වරාය ආශ්‍රිත කාර්මික කලාපය තුළින්,නව කර්මාන්ත ආරම්භ කිරීමට අවස්ථාව උදා කර දෙනවා.රට පුරා ඖෂධ ඇතුළු අලුත් කර්මාන්ත කලාප දැනටමත් ඉඳිකරනවා.

කොළඹ පෝට් සිටි ව්‍යාපෘතිය කඩිනමින් දියත් කිරීමට අවශ්‍ය නීතිමය රාමුව සකස් කොට ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා.රටේ සාර්ව ආර්ථික සාධක යහපත් මාවතකට යොමු කිරීමට සැලසුම් ක්‍රියාත්මක කරනවා.

ඒ අනුව,අප රට නැවත සියයට 6ක පමණ වර්ධන වේගයක් ඉක්මවා යන මාවතකට අපි දැන් යොමු වෙමින් සිටිනවා.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button