BREAKING NEWSEXCLUSIVE

දින දෙකක් රට අදුරේ තබන්නට ලංවිම වෘත්තීය සමිති සැරසෙයි.

රටම අඳුරට පත්කරන්නට විදුලි සේවක වර්ජනයක් ක්‍රියාත්මකකරන බවද ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා ඊයේ (27දා) පැවසුවා.

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් සියයට හතරක් ඇමෙරිකානු සමාගමට පැවරීම සම්බන්ධයෙන් ගිවිසුම අහෝසි නොකරන්නේ නම් ලබන 03 වැනිදායින් පසු දිවයින පුරා විදුලි වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

ආණ්ඩුව මුළු රටේම සම්පත් විකුණන්න පටන් අරන් තිබෙන බවත් රටේ අනාගත විදුලි ජනනය හා එහි පාලන බලය ඇමෙරිකානු සමාගමට ලබාදීමට ගිවිසුම් අත්සන් කිරීම ජාතික ආරක්‍ෂාවටත් බරපතළ අනතුරක් බවත් ඒ මහතා ඊයේ (27දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවා.

ජාතික සම්පත් විකිණීමට එරෙහිව ගෙනයන අරගලයට සහය ලබාගැනීම සඳහා මේ වනවිට ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්‍ෂ 11ක නියෝජිතයින්, ආගමික නායකයින් දැනුවත් කර තිබෙන බවත් ජයලාල් මහතා සඳහන් කළා.
හොර රහසේ අත්සන් කළ කෙරවලපිටිය ගිවිසුම අහෝසි කරන ලෙස හෙට (29දා) දිවයිනේ ප්‍රදේශ 19ක පෙරවරු 11.30 සිට දහවල් 12.00 දක්වා උද්ඝෝෂණ විරෝධතා පවත්වන බවත් අනතුරුව ජනාධිපතිවරයාට ලබාදීම සඳහා පෙත්සමක් අත්සන් කරන බවත් ඔහු පැවසුවා.

අනතුරුව නොවැම්බර් 03 වැනිදා ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට සහ රටපුරා විදුලි සේවකයින්ගේ සහභාගීත්වයෙන් දහවල් 12.00ට විරෝධතාවයක් පවත්වන බවත් ඉන්පසු වැඩ වර්ජනය කරන දිනය තීරණය කරන බවයි ජයලාල් මහතා පැවසුවේ. රටක විදුලි රැහැන් පද්ධතිය යනු ශරීරයේ ස්නායු පද්ධතිය හා සමාන බවත් එය රැකගැනීම සඳහා දිවි හිමියෙන් විදුලි සේවකයින් ආරම්භ කරන වැඩ වර්ජනයට වරාය, තෙල් ඇතුළු වෘත්තීය සමිති රැසක සහය ලැබෙන බවත් ජයලාල් මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මේ සඳහා විදුලි ඉංජිනේරු සංගමය ඇතුළු සියලු වෘත්තීය සමිතිවල සහය ලැබෙන බවද ඔහු සඳහන් කළා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button