BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

තත්වය භයානකයි කුමන හෝ එන්නතක් අනිවාර්යයෙන්ම ලබා ගන්න – මහාචාර්යවරයෙකුගේ හෙළිදරව්ව

කොවිඩ් සම්බන්ධව මේ වෙනකො එක එක තාලෙ කතන්දර කියැවෙනවා. ඒවා ගැන අපි හරියටම කියන්න දන්නෙ නැහැ. ඔබ මේ ලිපිය කියවන දවස වෙනකොට රට එක්තරා මට්ටමක තීරණයකට ඇවිල්ල වෙන්න පුළුවන්. එක අතකින් එන්නත්කරණය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.

තවත් අතකින් අලුත් ප්‍රභේදයක් රට පුරාම පැතිරෙනවා. මේ දෙක කියන්නෙ දෙගොල්ලක්. පළවෙනි කතාව කියන්නෙ දේශපාලකයො. දෙවැනි කතාව කියන්නෙ දොස්තරලා. හැබැයි මේ වෙනකොට පිටරටවල් අතරින් කිහිපයක් අලුත් ඉලක්කයක් වෙත යන්න පටන් අරගෙන.

සිංගප්පූරුව මේකට කියන්නෙ ‘නිව් නෝමල්’ කියලා. එංගලන්තය සැලසුමක් හදලා ඉවරයි වහාම රට අරින්න. ඔවුන් මාස්ක් පැලඳීම ගැන පවා තමන්ට සුදුසු ආකාරයෙන් කටයුතු කරන්න කියලා යෝජනා කරනවා රට වටා සිටින්නන්ට. ඒත් අපි අද කොතැනද ඉන්නෙ. අපි අද මුහුණදෙමින් ඉන්නෙ සාමාන්‍යකරණයටද? නැත්නම් බරපතළ ව්‍යසන තත්ත්වයකටද? ඇත්තටම මේ ‘කොවිඩ්’ කියන නමත් එක්ක අපි ඉතා අසරණ වෙච්ච මිනිස්සු. අපට මොකක් වෙයිද කියන එක ගැනවත් නිශ්චිත අදහසක් නැතිව අපි මාස ගණනක් ගතකරලා ඉවරයි. අදත් මේ රටේ අධ්‍යාපනය පවා තියෙන්නේ එහමෙ තැනක. අපට අවශ්‍ය වෙලා තියෙන්නෙ නිශ්චිත අදහසක්.

“ඇත්තටම මොකක්ද වෙන්නෙ?”

එහෙන් මෙහෙන් මතුවන අලුත් ප්‍රභේද මොනවද? ‘ඩෙල්ටා’ කියලා ප්‍රභේදයක් ලංකාවෙ තියෙනවාය කියලා කියනවා. ඒක දිස්ත්‍රික්ක කිහිපයක් පුරාම පැතිරිලා කියලත් කියනවා. ඇත්තටම මේ මොකක්ද? ඒ අතර දේශපාලනික වශයෙන් මේ කොවිඩ් සටනේ පෙරමුණ අරගෙන ඉන්න අය කියන විදියට අපේ එන්නත්කරණය විධිමත්ව වෙනවද? ඔවුන් කියන විදියට ඒ දිස්ත්‍රික්ක කිහිපයවත් මේ සියලු නම්ගම් සහිත ප්‍රභේදවලින් නිදහස් කරගන්න අපට පුළුවන් වෙයිද? එංගලන්තතෙ වුණා වගේ අපට කොරෝනාවලින් නිදහස් වෙන්න පුළුවන් තත්ත්වයක අපි ඉන්නවද? එහෙමත් නැත්නම් මේ කරන්නෙත් කොළේ වහල ගේමක් ගහන එකද? මේ වතාවෙත් පී.සී.ආර්. බලන එක හරියට වෙනවද? ඉස්සර පාරෙ තොටේ යනකොට අපි දැක්කෙ පී.සී.ආර්.කරන තැන්. ඒත් දැන් දකින්න ලැබෙන්නේ පී.සී.ආර්. කරන තැන් වෙනුවට එන්නත් ගහන තැන්. අන්න ඒක නිසා අපි ඒ ගැන හොයන්න හිතුවා.

“ඕනෙම වෛරසයක් වෙනස් වෙනවා කාලයත් එක්ක. ඒ කියන්නෙ ජාන අනුව වෙනස් වෙනවා. විශේෂයෙන්ම මේකෙ සංයුතිය වෙනස් වෙනවා. ඒක සමහර වෙලාවට වේගයෙන් වෙනවා. සමහර වෙලාවට ඉතා හෙමින් වෙනවා. මේකෙන් වෙන්නෙ පරිසරයට වඩාත් ගැළපෙන දේ ඉස්සරහට යනවා. ඒ කියන්නෙ පරිසරයට අනුගත වෙන්න පුළු‍වන් එක ඉස්සරහට යනවා, අනිත් ඒව මැරිලා යනවා. නමුත් එක කාලයක තියෙන එක ටික කාලයක දී වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන වෙනස්වීම්වලින් ඔය වෛරසයේ ගතිගුණ වෙනස් වෙන්න පුළු‍වන්. මේ වෙනස්වීම් වැටෙන කාණ්ඩ තුනක් තියෙනවා. ඒ කාණ්ඩ තුන

  1. වෙනස්වීමක් තියෙනවා. ඒත් ඒකෙන් හානියක් නෑ.
  2. වෙනස්වීමක් තියෙනවා. ඒකෙන් බලපෑමක් තියෙනවා. ඒත් ඒකෙන් ලොකු හානියක් නෑ.
  3. වෙනස්වීමක් තියෙනවා. විශාල බලපෑමක් තියෙනවා.

දැනට සාර්ස් කොවිඩ්වල තියෙන්නෙ ඔය මුල් කොටස් දෙකට අයිති වෙන ජාතියෙ වෙනස්කම් විතරයි. කොහොමවත් දැනට තුන්වැනි මට්ටමේ වෙනස් වාර්තා වෙලා නෑ. හැබැයි මේ කියන හැම වෙලාවකම හිතට ගන්න ඕනෙ මේ අපි කියන්නෙ දැනට. මේ මොහොත වෙනකොට විතරයි. හෙට වෙන දේ හිතන්නවත් බෑ.

දැන් ඔය ඩෙල්ටා කියලා ප්‍රභේදයක් හැදෙන්නෙ මෙහෙමයි.

ඇල්ෆා, බීටා, ගැමා, ඩෙල්ටා විදියට අපි වෙනස්කම් කීපයක් නම් කළා. ඒ විදියට තමයි ඔය ඩෙල්ටා කියන ප්‍රභේදය ගැන සඳහන් වෙන්නෙ. මේවා අයිතිවෙන්නෙ අර කලින් කියපු දෙවැනි කාණ්ඩයට. මේ නම්වලින් කියන ඒවා තමයි.
එක්සත් රාජධානියෙ ප්‍රබේදය

දකුණු අප්‍රිකන් ප්‍රබේදය
බ්‍රසීල ප්‍රබේදය
ඉන්දියන් ප්‍රබේදය
මේ ප්‍රබේද ටික තමයි, අපි ඔය වෙන නම් ටිකක් දාලා දැන් අඳුනගෙන තියෙන්නෙ. ඉස්සෙල්ලා නම් කිව්වෙ හොයාගත්ත නම් අනුව.
ඊටා, ලෝටා, කැපා, ලැම්ඩා

මේකෙන් ඊටා කියන්නෙ හැම තැනම හමුහුණු එකක්. මේකෙන් අපිට දැනට අහන්න ලැබෙන්නෙ ලැම්ඩා කියන එක විතරයි. ඒක පේරුවල තියෙන වෙන ප්‍රභේදය. මේ වෙනස්වීම් අයිති වෙන්නෙ පළමුවැනි කාණ්ඩයට. ඒක ඒ තරම්ම දරුණු නෑ. හැබැයි ඒ දැනට.

මේක වෙනස් වෙන්න පුළු‍වන්. මේ විදියට වෙනස් වුණාම ඒකෙ පැතිරීම වැඩි වෙනවා. ඒ වගේම ලෙඩෙන් ඇතිවෙන බලපෑම වැඩිවෙන්න පුළු‍වන්. ඒ වගේම බෙහෙත්වලට නැත්නම්, වැක්සින්වලට පරාජය කරන්න බැරි වෙන්න පුළු‍වන්. හැබැයි දැනට එහෙම තත්ත්වයක් නෑ. දැනට අහන්න තියෙන විදියට ෆයිසර් සහ මොඩර්නා කියන එන්නත්වලට මේවට මුහුණ දෙන්න පුළු‍වන් කියලා මම අහලා තියෙනවා. සයිනොෆාම් ගැන නිශ්චිත පර්යේෂණ අපි දැකලා නෑ. සමහරු කියනවා 60%ක 70%ක බලපෑමක් තියෙන්නෙ කියලා කියනවා. ඒත් ඒවා නිශ්චිත නෑ. සමහරු කියනවා සාර්ථකයි සම්පූර්ණයෙන්ම කියලා. ඒත් මේ පැතිරීම වැඩිවීම සහ ශරීරයට ඇතිකරන බලපෑම වැඩිවෙන්න පුළුවන්. ඒ කියන්නෙ ටිකක් අමාරුයි කියන එක. ඩෙල්ටා ප්‍රභේදය ගැන ඔබ දන්නවා. ඒකෙන් කැස්ස නොහැදීම අමාරු වෙනවා අපි දැක්කා. ඒත් භයානක වෙනසක් තවම වාර්තා වෙලා නෑ.

කොහොම නමුත් වෛරසයක වෙනස් වීම අනුව පැතිරෙන වේගය වැඩිවෙන්න පුළුවන්. ඒ වෙනස්වීම අනුව ව්‍යාප්තිය වෙනස් වෙන්න පුළු‍වන්. මේ පැතිරෙන ආකාරය අනුව කීදෙනෙක්ට බෝවෙනව ද කියන එක වෙනස් වෙනවා. ඒ වගේම වෛරසයක් ශරීරයකට ගියාම ඇතිකරන බලපෑම වෙනස් වෙන්න පුළු‍වන්. අනික අමාරු වෙන්න පුළුවන් සමහර විට. ඒකෙන් වෙන්නෙ වෛරසයක් ශරීරයේ ප්‍රතිශක්තිකරණයක් එක්ක කොහොම ද වැඩකරන්නෙ කියන එක.

හැබැයි මොනම වර්ගයක හෝ වැක්සින් එකක් මේ වෙලාවෙ ගන්නෙ නෑ කියන්නෙ විශාල වරදක්. මෙහෙම වැක්සින් නොගන්නා අය නිසා ඉක්මනින් විශාල වෙනස්කමක් සහිත ප්‍රභේදයක් හැදෙන්න පුළු‍වන්. ඒක එහෙම වුණොත් කිසිම කෙනෙක්ට ඔරොත්තු නොදෙන්න පුළුවන්. මොකද මේ වෙනස්කම් වෙන්නෙ ප්‍රතිශක්තිකරණයක් නැති ශරීරයක් ඇතුළෙ දි.”‍

ජීවන පහන් තිළිණ මව්රට පුවත්පතට..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button