BREAKING NEWSEXCLUSIVE

චීන නෞකාව අද ලංකාවට එන්නේ නැහැ

වරාය අධිකාරියේ හාබර් මාස්ටර් නිර්මාල් සිල්වා මහතා කියා සිටියේ “යුවාන් වෑන්ග් – 5” නෞකාව මෙරටට පැමිණෙන බවට තමන්ව මෙතෙක් දැනුවත් කර නොමැති නොමැති බවයි.
මින් පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද දින “යුවාන් වෑන්ග් – 5” නෞකාව පැමිණින ලබන 17 දා දක්වා හම්බන්තොට වරායේ නැංගුරම්ලා තබන බවයි .එමන්ම මේ සමබන්ධව ඉන්දියාව දැඩි අවධානයෙන් සිටින බවට අවධාරණය කිරීමත් සමගයි.
එහිදී ඉන්දියාව වැඩිදුරටත් සදහන් කර තිබුණේ අදාළ චීන නෞකාව ශ්‍රී ලංකාව පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි විරෝධයක්ද පළ කරන බවයි. ඔවුන් පැවසුවේ එය සිය රටේ ආරක්‍ෂාවට තර්ජනයක් බවයි.
ඉන්දියාවේ අදහස් දැක්වීමට චීනය ප්‍රතිචාර දැක්වීමත් සමඟ “යුවාන් වෑන්ග් – 5” නෞකාව දිවයිනට පැමිණීම සම්බන්ධයෙන් ලොවපුරා ද දැඩි කතාබහක් ඇති වුණා. චීනය ඉකුත්දා ප්‍රකාශ කළේ සිය නීත්‍යානුකූල නාවික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පිටස්තර පාර්ශව මැදිහත්වීම් සිදුනොකරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
මෙවන් පසුබිමක් තුළ “යුවාන් වෑන්ග් – 5” නෞකාවේ පැමිණීම කල්දමන ලෙස කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය වෙත නිල වශයෙන් දන්වා එවූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවා.
එම නෞකාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ වැඩිදුර උපදේශන ලබා ගැනීමේ අවශ්‍යතාව මත එම සංචාරය කල් දමන ලෙස චීන තනාපති කාර්යාලය වෙත දන්වා යැවූ බවයි.
මේ අතර මෙම නෞකාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ මෙලෙස අදහස් පළ කළා.
කෙසේවෙතත් ඇතැම් විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ මෙම චීන පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 650 ක් පමණ ගිණිකොන මුහුදේ මේ වන විට රැඳී පවතින බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button