COVID19 - UPDATESINTERNATIONAL NEWS

කොවිඩ් නිසා ඉන්දියාවේ ළමා ප්‍රජාව අමාරුවේ

මව්පියන් සහ ඥාතීන් කොවිඩ් -19 වෛරස ආසාදනයට ලක්වීම හේතුවෙන් ඉන්දියාවේ ළමා ප්‍රජාව දැඩි පීඩනයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දින ගණනාවක් පුරා කුසගින්නේ පසුවීම, සුරක්ෂිතභාවය ගිලිහී යෑම සහ ඔවුන්ගේ රැකවරණය අහිමි වී යෑම දරුවන් දැඩි පීඩනයකට ලක් කිරීමට හේතු වී ඇති අතර කොවිඩ් -19 තත්ත්වය හමුවේ ඉන්දියාවේ ළමා ප්‍රජාව පත්ව ඇති අසීරුතාව සම්බන්ධයෙන් එරට රජයේ ඉහළ පෙළේ ආයතන වෙත දෛනිකව වාර්තා වන සිද්ධින්ද ඉහළ යමින් පවතින බව සඳහන්ය.

කොවිඩ් අර්බුදයට මුහුණ දී සිටින සිය මව්පියන් සහ ඥාතීන් අහිමි වීම හේතු කොටගෙන එරට ළමා ජාවාරම් වර්ධනයවීමේ තත්ත්වයක් ද උද්ගත වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා පවසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button